Friday, April 5, 2013

කොළඹින් පැන්නූ රිය වව්නියාවෙන් මතුවේ

Van 






කොළඹ දී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 75 ක් වටිනා වෑන් රථයක් වව්නියාවේදී විකිණීමට තැත්කරන විට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් නවීන වෑන්රථය කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් කාන්තාවකට අයත් බව පොලිසිය කියයි. වෑන්රිය හිමිකාරියගේ නිවසේ නවතා තිබියදී 01 දා රාත්‍රී අතුරුදහන් වී ඇත. අනතුරුව එහි හිමිකාරිය විසින් සිද්ධිය (02) කොම්පඤ්ඤවීදිය පොලිසියට පැමිණිලි කර ඇත. මේ අතර නවීන වෑන් රියක් රුපියල් ලක්ෂ 22 කට විකිණීමට තිබෙන බවට ලැබුණු තොරතුරක් මත වව්නියාව පොලිසිය විසින් පරික්ෂණ පවත්වා උපාය දූතයෙකු යොදවා වව්නියාව උමා මහේෂ්වරන් වීදියේදී සැකකරුවන් සිව් දෙනෙකු සමඟ වෑන් රිය අත්අඩංගුවට ගෙන ඇත.

No comments: