Friday, April 19, 2013

ශ්‍රී ලාංකිකයන් 765 ක්‌ සවුදියේ පාලමක්‌ යට දුක්‌ විඳිනවා - එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා

සවුදි රාජ්‍යයේ ජෙඩා නගරයේ පාලමක්‌ යට ශ්‍රී ලාංකිකයන් 765 දෙනකු අන්ත අසරණව රැඳී සිටින බව එක්‌සත් ජාතික පක්‍ෂයේ කළුතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසීය.


මේ අතර පිරිමින් 700 දෙනකු සහ ගැහැණුන් 65 දෙනකු සිටින බවද කී ඒ මහතා මෙම දුක්‌විඳින පිරිස ගෙන්වා ගැනීමට වෙනම ගුවන් යානයක්‌ පිටත් කළ යුතු බවද කීය.

ඉතා දුක්‌විඳිමින් සිටින ඔවුන් එහි තව මොහොතක්‌ හෝ රඳවා තබා ගන්නේ නැතිව වහාම මෙරටට ගෙන්වා ගත යුතු යෑයිද රාජගිරියේ පිහිටි ජාතික වතු කම්කරු ශාලාවේදී ඊයේ (18 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම වැඩිදුරටත් පැවසීය.

මෙම පිරිස විදේශ රැකියා නියෝජිත ආයතන (ඒජන්සි) මගින් රැකියා සඳහා පිටව ගිය අය වෙති. සවුදි රජය මගින් රාජ්‍ය තාන්ත්‍රිකව රටට පැමිණෙන ශ්‍රමිකයන් පමණක්‌ රැකියා සඳහා බඳවා ගන්නා ලෙස උපදෙස්‌ දීම නිසා ඒජන්සි මගින් ගිය මෙම පිරිසට රැකියා අහිමි වී මෙම තත්ත්වයට පත්ව ඇත.

No comments: