Friday, April 19, 2013

බොස්‌ටන් ප්‍රහාරයේ බෝම්බකරු දැලේ

ඇමරිකාවේ බොස්‌ටන් නුවර බෝම්බ පිපිරවූ බෝම්බකරු අත්අඩංගුවට ගෙන ඇත.

මොහු අසු වී ඇත්තේ මැරතන් තරගය නිමා වන ස්‌ථානයේ පිහිටි ලෝඩ් ඇන්ඩ් ටේලර් සාප්පුවේ කැමරා පද්ධතියේ සටහන් වී ඇති රූප රාමුවලිනි.

ඇමරිකානු සී. එන්. එන්. රූපවාහිනිය විසින් බෝම්බකරු අසුවීමේ සිද්ධිය හෙළිකර ඇත.

එහෙත් එµa. බී. අයි. පොලිසිය ඊට අදාළ තොරතුරු හෙළිකර නැත. බොස්‌ටන් මාධ්‍යය ද පැවසුවේ බෝම්බකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ඊට අදාළ තොරතුරු එµa. බී. අයි. පොලිසිය වසන් කරන බව වාර්තා වේ.

බෝම්බකරු අසුවීමට මඟ පෑදී ඇත්තේ මැරතන් තරගය පිහිටි ප්‍රදේශයේ හුවමාරු වූ සියලුම ජංගම දුරකථන පණිවුඩ නිරීක්‍ෂණයට ලක්‌ කිරීමෙන් යෑයි ද අනාවරණය වී ඇත.

No comments: