Saturday, April 20, 2013

He is Seeking a Bride.....

ලක්‌ෂ 28 ක්‌ ගෙවා දැන්වීමක්‌ දමා
මනාලියක්‌ සොයයි !

ඉන්දියාවේ මුම්බායිවලදී උපත ලැබූ ඩින්ෂා විමඩලාල් (Dinshah Vimadalal) පසුකලකදී කෝටිපතියකු වූයේ ස්‌ව උත්සාහයෙනි. අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසු ඩින්ෂා තවදුරටත් ඉන්දියාවේ රැඳී නොසිටියේය. කොහේ හෝ රටකට ගොස්‌ හොඳ රැකියාවක්‌ සොයා ගැනීමට ඔහු කල්පනා කළේය. මේ අනුව ඔහු ඉන්දියාවේ සිට කැනඩාවට සංක්‍රමණය විය. 1967 දී ඔහු කැනඩාවේ ගුවන් සේවා සමාගමකට එක්‌වී ටික කලක්‌ එහි රැකියාවක්‌ කළේය. ඉන් ටික කලකට පසු ඔහු නතර වූයේ ඇමරිකාවේ වැන්කුවර් නගරයේය. එහෙත් වැන්කුවර් තද සීතල රටක්‌ වූ බැවින් ඔහුට එහි විසීම ප්‍රශ්නයක්‌ විය. ඔහු ලොස්‌ ඇන්ජලිස්‌වලට පැමිණ එහි ලැගුම් ගත්තේය. ලොස්‌ ඇන්ජලීස්‌වල සිටිද්දී ඔහුට ෆිරෝෂා (Firoza) නමැති කාන්තාව මුණගැසිණ. මෙම මුණගැසීම පසුකලකදී ආදරයකට පෙරළින. ඉන් ටික කලකට පසු ඩින්ෂා ෆිරෝෂා විවාහ කරගත්තේය. අඹු සැමියන් බවට පත්වීමෙන් පසු ඩින්ෂා සිය බිරිඳ ද හවුල් කරගෙන චාරිකා ඒජන්සියක්‌ ආරම්භ කළේය. එම ට්‍රැවල් ඒජන්සිය හඳුන්වන ලද්දේ "මැග්නම්" නමැති නමිනි.

1994 දී ඔහු ට්‍රැවල් ඒජන්සිය වසා දැම්මේය. ඔහු සිය ව්‍යාපාරය වසා දැමීමෙන් පසු අපූරු ප්‍රකාශයක්‌ කළේය. මේ ව්‍යාපාරය නිසා මට කෝටිපතියකු වෙන්න පුළුවන් වුණා. මේ නිසා තවදුරටත් මා ව්‍යාපාර කරන්න හෝ රැකියාවක්‌ කරන්න හෝ ඕනෑකමක්‌ නෑ. ඉන්පසු ඔහු බිරිඳ සමග මැක්‌සිකෝවට ගොස්‌ වතුයායක්‌ මිලදී ගත්තේය. මිලදීගත් වතුයායේ ඔහු මාලිගාවක්‌ වැනි මන්දිරයක්‌ ඉදි කළේය. මේ සඳහා වැයවූ මුදල ඩොලර් මිලියන ගණනකි. ගෙය සාදා නිම කිරීම සඳහා අවුරුදු පහක්‌ ගතවිය. ඉදිකරන ලද නිවසට ඔහු "Palacio de Noelle" යන නම තැබුවේය. ඒ සිය සොහොයුරිය සිහිපත් කිරීම සඳහා ය. 

මේ කාල වකවානුවේදීම ඩින්ෂා ඉතා අවාසනාවන්ත සිද්ධියකට මුහුණ පෑවේය. ඒ ඔහුගේ බිරිඳ මියයැමයි. ඇය මියගියේ රිය අනතුරකිනි. බිරිඳ මියයැමෙන් පසු ඔහු අවුරුදු හැට නවයක්‌ම තනිකඩව ජීවත් විය. නැතිවූ බිරිඳගේ ආදරය සොයාගැනීම සඳහා ඔහු අවුරුදු ගණනාවක්‌ රට රටවල කරක්‌ ගැසුවේය. එහෙත් ඔහුට එවැනි ආදරයක්‌ නොලැබිණ. ඔහුට අලුත් බිරිඳකගේ අවශ්‍යතාව තදින්ම දැනෙන්නට විය. එහෙත් තමන් සොයන සුදුසුකම් ඇති යෞවනියක්‌ සොයා ගැනීම ඔහුට දුෂ්කර කටයුත්තක්‌ විය. මිතුරන් ඔහුට දන්නා හඳුනන තරුණියන් කීපදෙනකුම හඳුන්වා දුන්නේය. එහෙත් තමන්ගේ හිතට හා ගති පැවතුම්වලට අල්ලන තරුණියක්‌ ඔහුට මුණ නොගැසිණ. දැනට හැටනව වැනි වියේ පසුවන මේ කෝටිපතියා තමන්ට සුදුසු මනමාලියක්‌ සොයා ගැනීම සඳහා පුවත්පතක මංගල දැන්වීමක්‌ පළකිරීමට තීරණය කළේය. 

"ද ටයිම්ස්‌ ඔෆ් ඉන්දියා (The Times of India) යනු ඉන්දියාවේ පළකරනු ලබන ජනප්‍රියම මෙන්ම ජාතික පුවත්පතකි. මෙම පුවත්පතේ මුළු පිටුවක මංගල දැන්වීමක්‌ පළ කළොත් තමන් සොයන මනමාලිය හමුවනු ඇතැයි ඔහු සිතුවේය. මේ අනුව ඩින්ෂා පවුම් පහළොස්‌දාහක්‌ (15000) නොහොත් අපේ මුදලෙන් රුපියල් විසිඅටලක්‌ෂ අනූපන්දහසක්‌ (රු. 28,95,000) වියදම් කර "ද ටයිම්ස්‌ ඔෆ් පුවත්පතේ පිටුවක (වාර්තා දැන්වීමකි) යෝධ මංගල දැන්වීමක්‌ පළ කළේය. එම දැන්වීමේ සිරස්‌තලයට ඔහු යොදා තිබුණේ මෙවැනි වැකි කීපයකි. ඔහු මහා පුරුෂයෙකි. ඔහු විවාහ කරගන්න කැමැතිද? (He is a Great Guy... wish to marry him?) තමන්ට අවශ්‍ය මනමාලියට තිබිය යුතු සුදුසුකම් ගැනද ඔහු මෙම දැන්වීමේ සඳහන් කර ඇත. ඔහු බලාපොරොත්තු වන්නේ දරුවන් නැති අවුරුදු හතළිහට අඩු කාන්තාවකි. සිහින් සිරුරකින් යුත් ඇය හොඳින් ඉංග්‍රීසි කතා කළ යුතු යෑයිද ඔහු සඳහන් කරයි.

තමන් සොයන මනමාලිය අනිවාර්යයෙන්ම එළවළු ආහාරයට ගන්නා අයකු නොවිය යුතු යෑයි සඳහන් කරන ඩින්ෂා ඇය මස්‌ අනුභව කරන කාන්තාවක්‌ විය යුතු යෑයිද සඳහන් කරයි. 

ඩින්ෂා විමඩලාල් සොයන්නේ මුදල් නැති කාන්තාවකි. ඇය විනෝදයෙන් ජීවත් වීමට කැමැති කාන්තාවක්‌ විය යුතු යෑයි කියන ඔහු තමන් ගෙවන ප්‍රබෝධජනක විනෝදකාමී ජීවිතයට ඇයත් හුරුවිය යුතු යෑයි ඔහු කියා සිටියි. 

ඩින්ෂා විමඩලාල් ගුවන්යානාවක අයිතිකරුවෙකි. මෝටර් රථ හා මෝටර් බයිසිකල් කීපයක්‌ද ඔහු සතුය. මාලිගාවක්‌ වැනි නිවසක්‌ද ඔහුට මැක්‌සිකෝවේ තිබේ. 

ඔහු ගුවන් නියමුවකුද වෙයි. ඔහුට අයිති ගුවන්යානය පදවාගෙන යන්නේ ඩින්ෂා විසින්මය. එක දුම්වැටියක්‌ උරා වීසි කළ විට ඔහු තවත් දුම්වැටියක්‌ පත්තු කර ගනී. තදින්ම දුම් උරන්නකු වන ඔහු දිනකට දුම්වැටි හැටක්‌ පමණ උරන බව කියා සිටියි. මෝටර් සයිකල් පැදීමට ද ඔහු ශූරයෙකි. ඔහු පැයට සැතපුම් 130 කට අඩු වේගයකින් මෝටර් සයිකල් ධාවනය නොකරයි. ඔහු අමුතුම විදියේ ජීවන ශෛලියකට පුරුදු වූ පුද්ගලයෙකි. 

තමන් සොයන ගැහැනියට පැතැලි උදරයක්‌ද, මහත නැති තට්‌ටමක්‌ද තිබිය යුතු යෑයි ඔහු කියා සිටියි. ඔහු මනමාලියක්‌ ඉල්ලා "ටයිම්ස්‌ ඔෆ් ඉන්දියා" පුවත්පතේ පළකළ දැන්වීමේ මෙසේද සඳහන් කර ඇත. 

"ඔබ වයස හතළිහකට වඩා වැඩි කෙනකු නොවිය යුතුයි. එසේම සිහින් සිරුරකින් යුත් අයෙකු විය යුතුයි. එසේම එළවළු පමණක්‌ අනුභව කරන්නකු නොවිය යුතුයි. ඔබ දික්‌කසාද වූ කෙනකු වුවත් කම් නැත. එහෙත් ළමයි නොසිටිය යුතුයි. මා දැන් හතළිහ පසුකරපු කෙනෙකි. එහෙත් හදවතින් මං තාමත් තරුණයි. හැබහින්ම තරුණය. වයසට ගියත් ඔහු ක්‍රියාශීලීය. සෞඛ්‍ය සම්පන්න තමන් කිසිම රෝගයකින් නොපෙළෙන බවද ඔහු කියයි. 

මෙම දැන්වීම පළවීමෙන් පසු ඩින්ෂාට ලැබුණ ලිපි ගණන දහසකට වැඩිය. තවමත් ලිපි ලැබෙමින් පවතින බව ඔහු කියයි. මෙයින් තරුණියන් විසිදෙනකු පමණක්‌ ඔහු සම්මුඛ සාකච්ඡාවකට කැඳවා ඇත. තමන් හමුවීමට පැමිණි තරුණියන්ගෙන් කිසිම එකියකට තමන් ඉල්ලන සුදුසුකම් නැතැයි ඩින්ෂා කියා සිටියි. ලැබී තිබෙන ඉල්ලුම් පත් අතරින් තමන්ට සුදුසු සහකාරිය සොයා ගැනීමට පුළුවන් වනු ඇතැයි ඔහු විශ්වාස කරයි. 

(අනුග්‍රහය London - Daily mail)
ආතර් යූ. අමරසේන

No comments: