Wednesday, April 17, 2013

ඉන්ධන මිල ඉහළ යැම මත සහ ඉදිරියේදී වැඩි කිරීමට යන විදුලි ගාස්‌තු ද සලකා බස්‌ ගැමුණුත් 15% ක්‌ ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යැම මත සහ ඉදිරියේදී වැඩි කිරීමට යන විදුලි ගාස්‌තු ද සලකා සියයට පහළවකින් (15%) පමණ බස්‌ ගාස්‌තු වැඩිවිය යුතු බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා  ඊයේ (16 දා) පැවසීය.

විදුලි ගාස්‌තු වැඩිවීම සලකා බැලූ කල දැනට රජය යෝජනා කර ඇති සියයට හතක බස්‌ ගාස්‌තු වැඩිවීම කොහෙත්ම ප්‍රමාණවත් නොවන බව ද කී ඒ මහතා විදුලි ගාස්‌තු වැඩිවීම නිසා පෞද්ගලික බස්‌ සඳහා වන පිරිවැය ද ඉහළ යන බව කීය.

මේ සම්බන්ධව සිය සංගමයේ විශේෂ අධ්‍යක්‍ෂ මණ්‌ඩල රැස්‌වීමක්‌ (16 දා) යොදාගෙන ඇති බවත් එහිදී ගනු ලබන තීරණ පිළිබඳව අද (17 දා) මාධ්‍යය දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

No comments: