Monday, April 15, 2013

වැලිකඩ බත් වේලේ මුදල් රෝගි සිරකාරියන්ට

veli65 












සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී ඇති 13,14 දිනයන්හී දී වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් සිය ආහාර සඳහා වැය වන වියදම රැඳිවියන් දෙදෙනෙකුගේ අසනීප තත්ත්වයන් සඳහා ප්‍රතිකාර ලබා ගැනීම වෙනුවෙන් වැය කිරීමට තීරණය කර ඇත. ඒ අනුව මේ දිනවලට අදාළ කෑම වේල් 6ක් සඳහා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් වැය කෙරෙන මුදල හෘද අසනීපයකින් පෙළෙන හා උකුල් ඇටයක් බද්ධ කිරීමේ අවශ්‍යතාවයෙන් පෙළෙන රෝගීන් දෙදෙනෙකු වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. අලුත් අවුරුද්දට ඥාතීන් ගෙනැවිත් දෙන ආහාර මේ දිනවල දී හැකි අයුරින් බෙදා හදා ගැනීමට රැඳවියන් විසින් තීරණය කර ඇතැයි ද වාර්තා වේ.

No comments: