Sunday, April 28, 2013

Southren Expressway Accident at Baddegama....

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරකින් අඹුසැමි යුවලක් මරුට.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ - බද්දේගම පිවිසුමට ආසන්නයේ 82 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (28) උදෑසන සිදුවූ අනතුරකින් අඹුසැමි යුවලක් ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙම පිරිස ගමන් කළ වෑන් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැට නොමැති ස්ථානයකින් පෙරලීයාමෙනුයි අනතුර සිදුව ඇත්තේ. මියගිය දෙදෙනා හක්මන ප‍්‍රදේශයේ පදිංචිකරුවන්. අනතුරින් පිරිමි පුද්ගලයා එම ස්ථානයේම මියගොස් ඇති අතර ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි.



මෙම අනතුරත් සම`ග දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු එහි සිදුව ඇති මාරක රිය අනතුරු සංඛ්‍යාව 7 ක්. පොලිසිය ප‍්‍රකාශ කළේ අදාළ අනතුරුවලින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.  අපේ‍්‍රල් 20 වැනිදා වනවිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීම සම්බන්ධයෙන් නඩු 5174 ක් පවරා තිබෙනවා. ආසන පටි පැළඳීමකින් තොරව, ගමන් කිරීම නිසා අධිවේගී මාර්ගයේ රිය අනතුරු බහුලවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

No comments: