Friday, April 19, 2013

ප්‍රධාන පෙළේ පාසල්වල පහ ශ්‍රේණි උතුරයි

ප්‍රධාන පෙළේ පාසල්වල පස්‌ වැනි ශ්‍රේණිවල ශිෂ්‍ය සංඛ්‍යාව සීමාව ඉක්‌මවීම නිසා පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් විශාල පිරිසකට එම පාසල්වලට ඇතුළත් වීමට නොහැකි වූ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට්‌ මණ්‌ඩලයට දැනුම්දී තිබේ.

පෙර වසර හා සසඳන විට පසුගිය වසරේදී හය වැනි ශ්‍රේණියට ඇතුළත් වීමට සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව දෙදහසකින් පමණ වැඩි වුවද හය වැනි ශ්‍රේණියේ පුරප්පාඩු සීමා වීම නිසා එම සිසුහු දැඩි අසාධාරණයකට ලක්‌ව සිටිති.

2007 වසරේදී පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී උද්ගත වූ ගැටලු සහගත තත්ත්වය හමුවේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්‌ අනුව පන්තියක ශිෂ්‍ය සංඛ්‍යාව 48 දක්‌වා වැඩි කර ඇති බවද ප්‍රධාන පෙළේ සෑම පාසලකම අදාළ ශ්‍රේණියේ ශිෂ්‍ය සංඛ්‍යාව 48 සිට 53 දක්‌වා අතර ප්‍රමාණයකින් වැඩි වී ඇතැයි ද අධ්‍යාපන ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට ඉදිරිපත් කළ කැබිනට්‌ සටහනේ සඳහන් වේ. එම සිසුන් හය වැනි ශ්‍රේණියට ඇතුළත් වූයේ මෙම වසරේදී බවත් එහි සඳහන්ව තිබේ. එලෙස වැඩි වූ සිසුන් හය වැනි ශ්‍රේණියේ පන්ති අතර තුලනය කිරීමේදී ශිෂ්‍යත්වධාරීන්ට එම පාසල්වලට ඇතුළත් වීමට ඇති අවස්‌ථාව අහිමි වන බවද එම කැබිනට්‌ සටහනේ සඳහන් කර ඇත.

මෙම තත්ත්වය මත සමහර පාසල්වලට කිසිදු ශිෂ්‍යත්වධාරියකු ඇතුළත් කිරීමට නොහැකි වන බවත් ඇමැතිවරයා කැබිනට්‌ මණ්‌ඩලයට දන්වා තිබේ.

කැබිනට්‌ මණ්‌ඩලය දැනුවත් කිරීම සඳහා බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කර තිබූ තොරතුරු මෙසේය.

No comments: