Thursday, April 18, 2013

හබරාදුවේ ද්විත්ව ඝාතනයක් ~~~~

හබරාදුව, දික්කුඹුර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර ඇත.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, ඊයේ රාත්‍රී 9.00 ට පමණ ඔවුන් බරපතල කැපුම් තුවාල සහිතව හබරාදුව දික්කුඹුර මාර්ගයේ, වැටී සිට ඇති අතර පසුව ඔවුන් කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ,ගුරුමල්ගොඩ සහ නුගගහවත්ත ප්‍රදේශවල පදිංචි 33 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

ඝා‍තනයට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

No comments: