Saturday, April 20, 2013

Price of Gold is descreasing rapidly...


Juwellary-
රත්රන් මිල ශීඝ්‍රයෙන්  පහළට......
ලෝක වෙළෙඳ‍පොළේ රත්රන් මිල ශීඝ්‍රයෙන්  පහළ යාමේ  තත්ත්වය සැලකිල්ලට ගෙන මෙරට බැංකු සිය උකස් කටයුතු  තාවකාලිකව නතර කිරීමටත්, මතෛක් ගෙවූ අත්තිකාරම් මුදල් හරි අඩකින්ම අඩු කිරීමටත් පියවර ගෙන ඇති බව දැන ගන්නට තිබේ. විශේෂයෙන්  මේ ප්‍රශ්න හේතුවෙන් බැංකු රැසක්  දැඩි අර්බුදයකට මුහුණපා තිබෙන බවද පැවසේ. මේ පිළිබඳ  අදහස් දැක්වූ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ  රන් ප්‍රමාණ නිශ්චය කිරීමේ අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කළමනාකාර  හා උපදේශක සිරිචන්ද්‍ර එදිරිසිංහ කීවේ බැංකුවල කෙරෙන උකස් සඳහා වැඩි මුදලක් ගෙවීමට තිබූ  තරගයේ ප්‍රතිඵලයන්  ලෙස එම බැංකු මේ ප්‍රශ්නයට මුහුණ දෙමින් සිටින බවය. ඇතැම් බැංකු ගිය වසරේ මේ කාලය වන විට පවුමක් වෙනුවෙන් රුපියල් පනස් දෙදහසක පමණ මුදලක් දී තිබුණද  මේ වනවිට රුපියල් විසි දෙදහස දක්වා අඩු වී තිබේ. මේ තත්ත්වය යටතේ බේරා නොගත් උකස් භාණ්ඩ  වෙන්දේසි කර  මුදල පියවා ගැනීමට යාමේදී  බැංකු දැඩි
ප්‍රශ්නවලට මුහුණ පා ඇති බව දැනගන්නට  ලැබි ඇත.
මේ අතර ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳ‍පොළේ රත්රන් මිල  පහළ යාම තාවකාලිකද එසේ නැතිනම්  එය දිගුකාලීනව පවතීවිද යන්න තවමත්  තීරණය කළ නොහැකි බවය. විශේෂයෙන් උතුරු කොරියාවේ උද්ගත වි තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන්  චීනය, ඉන්දියාව වැනි රටවල්වලද රත්රන් මිලදී නොගන්නා  තත්ත්වයන් ඇති වී  තිබෙන බවද සිරිචන්ද්‍ර එදිරිසිංහ කීය. එසේම සයිප්‍රසයේ ආර්ථීක අර්බුදය හේතුවෙන්  ඒ රටද සිය රන් සංචිත විකිණීමට තීරණය කර ඇති බැවින් සැපයුම වැඩි වී තිබෙන බවද හෙතෙම කීය. රන් මිල අඩුවීමට මේ සාධක බලා ඇති බව සැලකිය හැකිය.
 පෙරේදා 19 වනවිට කැරට් විසිහතරක රන් පවුමක මිල සඳහන්ව තිබුණේ රුපියල් හතළිස් හත් දහසක් ලෙසිනි.  කැරට් විසි දෙකක පවුමක මිල රුපියල් හතළිස් දහස් එකසිය  තිස් අටකි. මේ තත්ත්වය යටතේ  මෙරට පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකුද උකස් භාණ්ඩ සඳහා ගෙවන අත්තිකාරම් මුදල තවදුරටත් අඩුකර ඇත.

No comments: