Thursday, April 18, 2013

ගැලවෙන්න ආ ගැහැනු දරුවන්ට අතවර කළ පාලකයා කොටුවෙයි

චාවාකච්ෙච්රි කයිතඩි ප්‍රදේශයේ පිහිටි ගැලවීමේ හමුදා ඒකකයේ රඳවා සිටි ගැහැනු දරුවන් 15දෙනකු විවිධ ලිංගික අපයෝජනයන්ට ලක්‌කළ බව කියන එම ඒකකයේ පාලකවරයා චාවකච්ෙච්රි පොලිසිය මගින් පෙරේදා (16 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර පාලකවරයාගෙන් සිදුවන අතවරවලින් බේරීම සඳහා දෙමළ ජාතික ගැහැනු දරුවන් 15 දෙනකු ඉකුත් 15 වැනිදා චාවාකච්ෙච්රි ගැලවීමේ හමුදා ඒකකයෙන් පලාගොස්‌ තිබිණි.

එසේ පලාගිය දරුවන් චාවාකච්ෙච්රි සහ යාපනය පොලිසි මගින් අත්අඩංගුවටගත් අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම සැකකාර පාලකවරයා පිළිබඳව තොරතුරු අනාවරණය විය. මෙම දැරියන් අවුරුදු 14 ත් 18 ත් අතර වයස්‌ සීමාවල පසුවන අය බව පොලිසිය පවසයි.

පසුව චාවාකච්ෙච්රි පොලිසිය මගින් මෙම ගැලවීමේ හමුදා ඒකකය වටලා එහි සිටි පාලකවරයා අත්අඩංගුවට ගත්තේය.

සැකකරු චාවාකච්ෙච්රි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී සිල්වා මහතාගේ අධීක්‍ෂණය යටතේ පරීක්‍ෂණ පැවැත්වෙයි.

No comments: