"මාතලේ මිනීවළ අසල හමුදා පිරිසක් ගැවසිලා"
මාතලේ
රෝහල් භූමියේ මතු වූ සමූහ මිනීවළ අසල පෙරේදා (10
වැනිදා) රාත්රි 9.00 ට පමණ නිල ඇඳුමින් සැරසී
පිරිසක් ගැවසුණ බවට තොරතුරු ලැබුණ බැවින් ඒ
පිළිබඳ වහා අවධානය යොමු කර නිසි පරිදි රාජකාරිය
ඉටු කරන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක සෝමවංශ
අමරසිංහ මහතා පොලිස්පතිවරයා වෙත ලිපියක් යවමින්
දන්වා තිබේ.
No comments:
Post a Comment