Saturday, April 27, 2013

Two of same family arrested with fake Rs1000 notes..

හොර රු. 1000 නෝට්‌ටු මුද්‍රණය කළ
සොරබොර සහෝදරයෝ දැලේ





රුපියල් දහසේ මුදල් නෝට්‌ටුවලට සමාන ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කළ බව කියන එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු 16 ක්‌ ද සමඟ පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගැනීමට අරලගංවිල පොලිසියේ නිලධාරීහූ සමත් වූහ.

මහියංගනය, සොරබොර පදිංචිකරුවන් වන මොවුහු අවුරුදු 19 සහ 25 යන වයස්‌වල පසුවෙති.

මෙම රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්‌ටු මුද්‍රණය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලදැයි කියන මුද්‍රණ යන්ත්‍රය ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මුදල් නෝට්‌ටු ලබා දී මොවුන් අරලගංවිල, දිඹුලාගල, මනම්පිටිය යන නගරවලින් සිගරට්‌, ආහාර ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බව පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සරත් කුමාර ජෝෂප් මහතාගේ උපදෙස්‌ පරිදි අරලගංවිල පොලිsසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ලලිත් රාජමන්ත්‍රී මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ප්‍රදීප් සෙනෙවිරත්න, උප පොලිස්‌ පරීක්‍ෂක එස්‌. එම්. ටිකිරිබණ්‌ඩා, පො. සැ. (43092) ප්‍රේමරත්න, පො. කො. (33015) නිලන්ත, පො. කො. (22150) ගුණවර්ධන, පො. කො. (84957) කුලතුංග, පො. කො. (50470) වෙලගෙදර, පො. කො. (39819) ප්‍රින්ස්‌, පො. කො. රියෑදුරු (8588) සමන්තිලක යන මහත්වරු මේ පිළිබඳව වැඩිදුර පොලිස්‌ පරීක්‍ෂණ සිදු කරති.

No comments: