Saturday, April 20, 2013

20 passes away by Heart Attacks everyday in Sri Lanka..

දිනකට ශ‍්‍රී ලාංකිකයන් විසිදෙනෙක් හෘදයාබාධවලින් මරුට


මෑත කාලයේ පසුගිය මාස තුන හතර කාලය තුළ අප රටේ හෘද රෝගීන් ප‍්‍රමාණාත්මකව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

මේ අනුව ශ‍්‍රී ලංකාවේ මරණය ඇති කරන අංක එකේ හේතුව බවට හෘදයාබාධ පත්ව ඇති බව පැවැසෙයි. දිනකට හෘදයාබාධ සඳහා ප‍්‍රතිකාර පතා රෝහල් ගතවන රෝගීන් ප‍්‍රමාණය 620කට ආසන්න වන අතර, මාසයකට රෝගීන් 18,600ක් ද වසරකට දෙලක්ෂ විසිතුන්දහස් දෙසීයක් දෙනා මේ අනුව හෘදයාබාධ රෝගීන් ලෙස රෝහල්ගත වන බවත්, මේ අනුව සනාථ වේ.

මෙයින් 20 දෙනෙකු දිනපතා මරණයට පත්වෙන අතර, මාසයකට පුද්ගලයන් 600 කට ආසන්න පිරිසක් වසරකට 7000 කට වැඩි පිරිසක් මරණයට පත් කරවන්නට තරම් හෘදයාබාධ සමත්ව තිබෙන බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අනුව ශ‍්‍රී ලාංකික ජනතාව මරණයට පත්වීමටත් බලපාන අංක එකේ හේතුව ලෙස හෘදයාබාධ වාර්තාගත වී තිබේ.

එසේ හෘදයාබාධ ඇතුළු බෝ නො වන රෝග නිසා මරණයට පත්වන පිරිස මත්වතුර හා දුම්වැටිවලට ඇබ්බැහි වූවන් වන අතර, කොලොස්ටරෝල් අධිකතාව, අධිරුධිර පීඩනය, දවසකට විනාඩි 5ක්වත් ව්‍යාපායමක නො යෙදෙන පුද්ගලයන් වන බව ද පැවැසෙයි.

අධික තෙල්, සීනි, පිටි අවම කිරීම සහ දවසකට පියවර 10,000 ක් වත් ඇවිදින්නට මැළිවන අය මෙසේ හෘද රෝග සඳහා වැඩි අවදානමක් දක්වන පිරිසට අයත් විය හැකි බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කරයි.

No comments: