Friday, April 19, 2013

පොදු රාජ්‍ය මණ්‌ඩල සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමේ යෝජනාවක්‌

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්‌ඩලීය සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවට සහ පොදුරාජ්‍ය මණ්‌ඩලීය නායකයින්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම අත්හිටුවිය යුතු බවට යෝජනාවක්‌ දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්‌ඩලීය නීතිඥ වෘත්තිකයින්ගේ 18 වැනි සමුළුවේදී යෝජනා කර ඇත.

මෙම යෝජනාව මෙම මස 26 වැනිදා පැවැත්වෙන මීළඟ සමුළුවේදී සම්මත කර ගැනීමටද ඔවුන් තීරණය කර තිබේ.

හිටපු අගවිනිසුරු ශිරාණි බණ්‌ඩාරනායක මහත්මිය ධුරයෙන් ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ක්‍රියා කළ ආකාරය සහ ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍ෂේත්‍රයට විධායකය විසින් අනිසි ලෙස බලපෑම් කිරීමට එරෙහිව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

මෙය ශ්‍රී ලංකාවේ ජනතාවට එරෙහිව ගෙන එන්නක්‌ බවත් වත්මන් ශ්‍රී ලංකා ආණ්‌ඩුව නීතියේ ආධිපත්‍යයට එරෙහිව සිදුකරනු ලබන කටයුතු නිසා අධිකරණ ක්‍ෂේත්‍රයේ ස්‌වාධීනත්වයට එල්ලවී ඇති බලපෑම් ඉවත් කර ගැනීමේ අරමුණින් සිදුකරනු ලබන්නක්‌ බවත් පොදු රාජ්‍ය මණ්‌ඩලීය නීතිඥ වෘත්තිකයින්ගේ සමුළුව සඳහන් කරයි.

No comments: