Friday, April 19, 2013

ජාතික පාපන්දු පුහුණු සංචිතය ලබන 15 ට පෙර වැඩ අරඹයි

ලබන මැයි 15 දාට පෙර නව ජාතික පාපන්දු පුහුණු සංචිතය පිහිටුවීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විධි විධාන යොදා ඇත.

නේපාලයේ කත්මන්දු නුවරදී (සැප්තැම්බර් 20 සිට ඔක්‌තෝබර් 2 දක්‌වා) ක්‍රියාත්මක කෙරෙන දකුණු ආසියානු පාපන්දු සංගම් කුසලාන පාපන්දු තරගාවලිය ඉලක්‌ක කොටගෙන අදාළ පුහුණු සංචිතය පිහිටුවනු ඇත.

තව දින කිහිපයකින් (ලබන 30 දා) බ්‍රසීල ජාතික විශේෂඥ පාපන්දු පුහුණුකරු මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර ඔහුගේ අධීක්‍ෂණයෙන් ජාතික පාපන්දු පුහුණු සංචිතය පිහිටුවීමට නියමිත බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසීය.

ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ගතවූ වසරේ තෝරා ගන්නා ලද වයස අවු( 21 න් පහළ පාපන්දු පුහුණු සංචිතයේ ක්‍රීඩකයන් 30 දෙනා සහ දැනට විසුරුවා ඇති ජාතික පාපන්දු සංචිතයේ ක්‍රීඩකයන්ද ඇතුළත් කොට විශේෂ තේරීම් පරීක්‍ෂණයක්‌ පවත්වා නව ජාතික පාපන්දු සංචිතය තෝරා ගැනීමට නියමිතය. ජාතික පාපන්දු පුහුණු සංචිතයට ක්‍රීඩකයන් 30-40 අතර පිරිසක්‌ ඇතුළත් කරගැනීමට අපේක්‍ෂිතය.

මේ අතර ඉදිරි පස්‌ මාසය (මැයි-සැප්තැම්බර්) ඉලක්‌ක කොටගෙන දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි ජාතික මට්‌ටමේ පාපන්දු තරග පැවැත්වීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කොට ඇත.

ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය, එµa.ඒ. කුසලාන තරගාවලිය ඉන් ප්‍රධාන තැනක්‌ ගනු ලබන අතර ඊට අමතරව බීච් පාපන්දු තරගාවලියක්‌ සහ µqට්‌සාල් පාපන්දු තරගාවලියක්‌ද පැවැත්වීමට නියමිතය.
 

No comments: