Sunday, April 28, 2013

Two IPL Matches moved to New delhi from Chennai...

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් වෙනුවෙන් තීරණාත්මක IPL තරග චෙන්නාවලින් ඉවතට.

ඉන්දීය පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ තීරණාත්මක තරග දෙකක් චෙන්නායි නුවරින් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ශ‍්‍රී ලංකා ක‍්‍රිඩකයන්ට එම තරඟවලට සහභාගිවීමේ අවස්ථාව සලසමින්. චෙන්නායිහි පැවැත්වෙන අයි.පී.එල් තරඟවලට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගි කර නොගත යුතු බවට තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් ලබාදුන් නියෝගයක් අනුවයි ඒ සඳහා ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගි නොවන්නේ. අයි.පී.එල් තරගාවලියේ අවසන් පූර්ව වටයේ පළමු තරගය සහ දෙවැන්න චෙන්නායිහි චෙපොක් ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත්, අයි.පී.එල් පාලන මණ්ඩලය ඊයේ තීරණය කර ඇත්තේ එම තරඟ දෙකම නවදිල්ලියේ ෆෙරෝස්-ෂා-කොට්ලා ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමටයි. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් තීරණාත්මක තරඟවලට සහභාගි කරගැනීමට නොහැකිවීමෙන් සිය කණ්ඩායම් දුර්වලවන බවට අයි.පී.එල් හිමිකරුවන් පාලන මණ්ඩලයට පැමිණිලි කර තිබෙනවා. චෙන්නායි වෙනුවට දිල්ලිය තෝරා ගෙන ඇත්තේ ඒ සඳහා ඉදිරිපත් වූ බැංගලෝරය සහ පූනේ ද ඉවතලමින්. අයි.පී.එල් අවසන් වටයට සුදුසුකම් ලබන කණ්ඩායම් 4 න් 2 කට හෝ ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.



මේ අතර, ඉන්දීය පි‍්‍රමියර් ලීග් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර තරගයෙන් ජය ලැබීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවති අනෙක් තරගය ජය ගත්තේ, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

No comments: