Saturday, April 20, 2013

Lak Wijaya breaksdown again...

ලක්‌විජය විසිවැනි වරටත් අක්‍රීය වෙයි

අකාර්යක්‍ෂම කළමනාකාරිත්වයේ වරදින් නොරොච්චෝල ලක්‌විජය ගල්අඟුරු බලාගාරය විසිවැනි වතාවටත් පෙරේදා (18 වැනිදා) යළි අක්‍රීය වූ බව ලංකා විදුලිබල මණ්‌ඩල ඉංජිනේරු සංගමයේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මෙගොවොට්‌ තුන්සියයක්‌ ජාතික විදුලි පද්ධතියට දැනට මුදාහරින මෙම බලාගාරයේ බොයිලේරුවේ ඇති වූ දොaෂයක්‌ නිසා බලාගාරයේ විදුලි උත්පාදනය නතරවීමේ වගකීම එම බලාගාරය භාරව සිටින ප්‍රධානීන් භාරගත යුතු බවද ඉංජිනේරු සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ ඉදිවූ පළමු ගල්අඟුරු බලාගාරය වන මෙම බලාගාරය පළමු අදියර යටතේ මෙගොවොට්‌ 300 ක්‌ දැනට ජාතික විදුලි පද්ධතියට එක්‌කර ඇති මුත් එය භාරව සිටින ප්‍රධානීන්ට බලාගාරයේ මතුවන දොaෂවලට පිළියම් යෙදීමට නොහැකිවීම පිළිබඳ ඉංජිනේරු සංගමය අදාළ වගකිවයුතු ඉහළ නිලධාරීන්ට ලිතව හා වාචිකව දන්වා ඇති බවද එම ප්‍රකාශකයා කීවේය.

ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක ආයෝජනයක්‌ මත නොරොච්චෝල ගල්අඟුරු විදුලි බලාගාරයේ ඉදිකිරීම් 2006 මැයි 11 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙම බලාගාරය අදියර තුනක්‌ යටතේ ඉදිකරන අතර අදියර තුන අවසානයේ මෙගොවොට්‌ 900 ක මුළු විදුලි ධාරිතාවක්‌ මෙමගින් ජාතික විදුලි පද්ධතියට එක්‌වනු ඇත.

බලාගාරයේ පළමු අදියර යටතේ 2011 මාර්තු 22 වැනිදා මෙගොවොට්‌ 300 ක්‌ ජාතික විදුලි පද්ධතියට එක්‌කළ අතර දෙවැනි අදියර යටතේ 2013 වර්ෂය අවසානවීමට පෙරාතුව තවත් මෙගොවොට්‌ 300 ක්‌ පද්ධතියට එක්‌ කිරීමට නියමිතය.
ලක්‌විජය විසිවැනි වරටත් අක්‍රීය වෙයි
ශිරාන් රණසිංහ

No comments: