Friday, April 19, 2013

ප්‍රමිතියක්‌ නොමැති කුරුඳු නිෂ්පාදන නිසා විකුණුම් මිල පහත වැටිලා - කුරුඳු ව්‍යාපාරිකයෝ

 නිසි ප්‍රමිතියකින් කුරුඳු නිෂ්පාදනය කිරීමට පියවර ගනු ලබන්නේ නම් කුරුඳු සඳහා වෙළෙදපොළෙහි දැනට පවතින මිලට වඩා ඉහළ මිලක්‌ ලබාගැනීමට හැකි බව කුරුඳු ව්‍යාපාරිකයෝ පවසති.

කුරුඳු ගස්‌වල සුඹුල හොඳින් ගා ඉවත් නොකිරීම කුරුඳු තැලීමේදී එකතු වන අප ද්‍රව්‍ය කුරුඳු කෝටු අතරට දැම්ම ආදී කරුණු නිසා කුරුඳුවල ගුණාත්මක භාවය අඩු වේ. මේ පිළිබඳව කුරුඳු තැලුම්කරුවන් ඉඩම් හිමියන් දැනුවත් කර තිබුණද එයින් කිසිදු ප්‍රයෝජනයක්‌ නොමැත.

දැනට කුරුඳු ගොරෝස කිලෝවක්‌ රුපියල් 1000 ක්‌ වන අතර ඇල්බා කිලෝවක්‌ රුපියල් 2050 ක්‌ද, සි. 4 සී 5 රුපියල් 1200 කට මිලදී ගනු ලබයි. නිසි ප්‍රමිතියෙන් යුතුව මෙම නිෂ්පාදන සකස්‌ කරන්නේ නම් මිල මෙයට වඩා වෙනස්‌ වන බව ඔවුන් පවසති.

No comments: