Sunday, April 28, 2013

New Flights to Sri Lankan Airlines...

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට රුපියල් බිලියන 315 ක නව ගුවන් යානා.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන දෙකහමාරක මුදලක් අනුමත කර තිබෙනවා. රුපියල් බිලියන 315 ඉක්මවූ එම මුදල ප‍්‍රධාන වශයෙන් වෙන් කෙරෙන්නේ නව එයාර් බස් යානා මිලදී ගැනීම සඳහායි. එහිදී ඇමෙරිකානු ඩොලර් මිලියන 234 ක් වන ඒ 330 - 300 වර්ගයේ ඉයාර් බස් යානා 6 ක් මිලදී ගැනෙන අතර නව ඒ 350 - 900 වර්ගයේ ගුවන් යානා 4 ක් මිලදී ගැනෙනවා. එම ගුවන් යානයක මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 283 ක් එනම්, රුපියල් කෝටි 3560 කට ආසන්න මුදලක්. නව ගුවන් යානා 10 ට අමතරව, ඉදිරි දස වසර සඳහා ඒවාට අමතර කොටස් මිලදී ගැනීම සඳහා ද මුදල් වෙන් කෙරෙනවා. මෙම ගුවන් යානා ප‍්‍රංශයේ එයාර් බස් සමාගමෙන් මිලදී ගැනෙන අතර, ගුවන් යානා ගණුදෙණුව සඳහා ඇමෙරිකානු බෝයිං සමාගම ද තරග කළ බව සඳහන්. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සඳහා නව ගුවන් යානා මිලදී ගැනීමේ අවශ්‍යතාව  සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ටී.ආර්.සී.රුබේරු මහතා පැහැදිලි කළා.
ශී‍්‍ර ලංකන් ගුවන් සේවය පසුගිය 2012 වසරේදී රුපියල් බිලියන 20 යි දශම 5 ක මෙහෙයුම් පාඩුවක් වාර්තා කළා. ශ‍්‍රී ලංකන් ගුවන් සේවය සතුව දැනට ගුවන් යානා 13 ක් පවතින අතර, ඒවා වසර 9 ත් 18 ත් අතර, පැරණී ඒවායි.

No comments: