Sunday, April 21, 2013

Past Reminder of Vietnam...

බෝම්බවලට බයේ එදා මං අඬ අඬා පාර දිගේ නිරුවතින් දිව්වා

photo: එදා ලොවක් කැලඹූ හඬමින් දිව එන වියට්නාම් දැරියගේ සේයාරුව.
රෝහලෙන් නික්ම ආ දැරිය ඡායාරූප ශිල්පී නික් සමඟ.

පොළෝතලය දවා හළු කරමින් බෝම්බ වරුසා පතිත වෙද්දී ජනයා හිස්ලූලූ අත දිවගියේ දිවි බේරා ගැනීම සඳහාය. යුද්ධයේ බිහිසුණු බව ලොවට හඬ ගා කියන්නා සේ එදා එලෙස දිවගිය ජනතාවක් අතර වූ එක් දැරියකගේ සේයාරුවක් පසුකලෙක දී මුළු මහත් ජාතියක් ම යුද්ධයට විරුද්ධව පෙළ ගැස්වීය.

දහසය වසරක් පුරා පැවැති වියට්නාම යුද සමයේ, 1972 වසරේ එක්තරා දිනයකදී දකුණු වියට්නාමයේ තමන් උපන් ගම්මානය ගිනිදැල්වලින් වෙලාගමින් ඇමෙරිකානු නාපාම් බෝම්බ පතිත වෙද්දී නව හැවිරිදි වූ ඒ දැරිය සිය පිළිස්සුණු දෑත් විහිදාගෙන හඬමින් නිරුවතින් මහමඟ දිවගියේ යනඑන ඉසව්වක් නොදැනය. යුද්ධයේ කෲරභාවය ලොවට හඬ ගා කියන්නට කැමරා ඇසක් ඒ වෙද්දී ඇය වෙත එල්ල වී ඇති බවක් ඒ මොහොතේ මේ දැරිය නොදැන සිටියාය.

වේදනාවෙන් හඬමින් දෑත් විහිදාගෙන නොදන්නා අරමුණක් කරා නිරුවතින් දුවගිය ඒ දැරියගේ සේයාරුව පසුදිනෙක පුවත්පත් මුල්පිටු සරසද්දී මුළු ලොවම යුද්ධයට එරෙහිව එහි බිහිසුණුකම ඉදිරියේ කම්පා වූයේය. එදා ඒ සේයාරුව දැක නෙතට කඳුළක් නොඉණූ දෑසක් නොමැති තරම්විය.

ලෝකයක් යුද්ධයට එරෙහිව පෙළ ගැස්වූ ඒ සුවිශේෂී සේයාරුව ගත් ඡායාරූප ශිල්පියා පසුකලෙක පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබුවේය. එසේම ඒ සුවිශේෂී සේයාරුව ඒ නව හැවිරිදි දැරියගේ මුළු ජීවිතයම වෙනස් කළේය. ඒ දැරිය පෑන් තී කිම් පූ ය. එදා නව හැවිරිදි වූ ඇය දැන් පනස් වැනි වියේ පසුවන්නීය.

එදා, 1972 ජුනි මස 08 වැනිදා ය. වියට්නාමය ආක්‍රමණය කර සිටි ඇමෙරිකානු හමුදා වියට්නාමයේ ගන කැලෑවල සැඟවී ඇමෙරිකානු හමුදාවලට ප්‍රහාර එල්ල කරන වියට් ගොංග් භටයන් විනාශ කරනුවස් නාපාම් බෝම්බ හෙළමින් සිටි කාලවකවානුවයි. දකුණු වියට්නාමයේ ට්‍රෑංග් බෑංග් ගමේ කාඕ ඩායි පල්ලියේ ඒ වනවිටත් ගමේ පවුල් රැසක් රැකවරණ පතා රැඳී සිටියහ. මොහොතකදී පල්ලියට කඩා වැදුණේ වියට් ගොංග් විප්ලවීය භටයන් කිහිපදෙනෙකි.

”දුවපල්ලා, දුවපල්ලා උන් මේ ගමට බෝම්බ දාන්නයි එන්නේ”

ගත වූයේ මොහොතකි. ගම්මුන් රැසක් තෙදිනක් තිස්සේ රැකවරණ ලැබ සිටි පල්ලිය දම් පැහැති සහ රන්වන් පැහැති දුම්වලාවලින් වැසී ගියේය. ගිගුම් දෙමින් නැගුණු බෝම්බ හඬ මැද්දේ මුළු පල්ලියම ගිනි ගත්තේය.

පල්ලියේ රැකවල් ලැබ සිටි පෑන් තී ගේ පවුලේ සහෝදරයන් සයදෙනෙකි. විප්ලවීය භටයන්ගේ හඬ අනුව දිව යෑමට සැරසුණ ද පෑන් තී ඇතුළු මුළු පවුලම පල්ලියේ ගින්නට අසුවූහ. ඇගේ එක් සහෝදරයෙක් සයිගොන් ප්‍රදේශය කරා දිව යෑමට සැරසෙද්දී පෑන් තී ද ඔහු පසුපස දිව ගියාය. නාපාම් බෝම්බය නිසා හටගත් දැඩි උෂ්ණත්වය නිසා ඒ වෙද්දීත් ඇගේ ඇඳුම් පිළිස්සී තිබූ අතර ඇය ඇඳුම් උනා දමා මහ මඟ දිගේ දිව ගියාය. ඒ වෙනවිටත් පිළිස්සීම නිසා ඇගේ සම ඇඟෙන් එල්ලා වැටෙමින් තිබිණ.

ඇමෙරිකානුවන් වියට්නාම් යුද්ධයේදී වියට්නාම විප්ලවීය භටයන් මර්දනය සඳහා බහුලව භාවිතා කළේ නාපාම් බෝම්බය. පෙට්‍රෝලියම් ජෙලි භාවිතා කර නිපදවන මේ බෝම්බ පිපිරුණු පසු අති විශාල ගිනි හටගනී. එසේම එහි අඩංගු ඇලෙන සුලු රසායන ද්‍රව්‍ය නිසා පුපුරණ ද්‍රව්‍ය සම පිළිස්සමින් සමට ඇලී පවතී. 

එහෙත් මේ ද්‍රව්‍ය ජලයේදී නිවී යන බැවින් ජලයේ දී ද ගිනි ගැනීම සඳහා මැග්නීසියම් එකතු කර ඇත්තේය. වියට්නාම යුද්ධයේ දී ඇමෙරිකානුවෝ වියට්නාමයේ ඝන කැලෑ තුළට වැද සටන් කරන විප්ලවීය භටයන් මර්දනය සඳහා මේ නාපාම් බෝම්බ මෙන්ම ‘ඒජන්ට් ඔරේන්ජ්’ වශයෙන් හඳුන්වනු ලැබූ තවත් විනාශකාරී රසායන ද්‍රව්‍ය අඩංගු බෝම්බ විශේෂයක් යොදා ගත්හ. වියට්නාම රතු කුරුස වාර්තා අනුව පුද්ගලයන් දසලක්‍ෂයකට ආසන්න පිරිසක් මේ බෝම්බ නිසා විනාශයට හෝ අංග විකලත්වයට ලක්විය.

1972 වසරේ දී මේ නව හැවිරිදි දැරිය හඬමින් නිරුවතින් මහමඟ දුවගෙන යන දසුන සේයාරුවට නැගුවේ ඇසෝසියේට් ප්‍රෙස් ආයතනයේ යුද වාර්තාකරු ලෙස සිටි නික් උට් ය. එකල ඔහු 21 හැවිරිදිය. දැරිය රෝහලට බාර දුන් නික් සිය මාධ්‍ය හැඳුනුම්පත ඉදිරිපත් කරමින් වෛද්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ ඇයට කඩිනමින් ප්‍රතිකාර කරන ලෙසය.

”ඇගේ සම පිළිස්සී එල්ලා වැටෙමින් තිබුණා. වෛද්‍යවරු ඇයගේ ජීවිතය ගැන විශ්වාසයක් තැබුවේ නැහැ. මා ඇයට උදව් නොකළා නම් ඇගේ ජීවිතය එතනින් අවසන් වන බව මට දැනුණා. එසේ වූවා නම් මගේ ජීවිතයෙන් ද පලක් නැහැ” නික් උට් පසුව පැවසීය.

වේදනාකාරී සැත්කම් කීපයකින් සහ සම් බද්ධ කිරීම් දාහතකින් පසු පෑන් තී සුවය ලැබුවාය.

නික් එදා තමා ගත් සේයාරුව රැගෙන කර්තෘ මණ්ඩලයට යද්දී එහි සිටි කර්තෘ මාණ්ඩලිකයෝ සේයාරුව පළකිරීමට බිය පළකළහ. එයට හේතුව වූයේ ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය ඒ වෙද්දී නිරුවත් සේයාරූ පළ නොකිරීමේ දැඩි ප්‍රතිපත්තියක එල්බ සිටීමය. 

එහෙත්, එහිදී සියලු දේ අබිබවමින් මේ සේයාරුව සියලු ප්‍රතිපත්ති බිඳ හෙළමින් පළ කළ යුතු යැයි දැඩි තීරණයකට එළැඹියේ ඒපී පුවත් ආයතනයේ ඡායාරූප කතුවරයාය. පළපුරුදු ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ ඔහු පැවසුවේ මේ සේයාරුවේ ප්‍රවෘත්තිමය වටිනාකම සියලු නීති යටපත් කරන බවයි.

අවසානයේ සේයාරුව පළ කෙරිණි. එය මුළු ලෝකයම කැලඹීමට පත් කළේය. යුද්ධයේ බිහිසුණුකම ගැන වචන ගණනාවකින් පැවසීමට නොහැකි දේ නික් එක් නිමේෂයකින් ලොවටම හඬගා පැවසීමට සමත් වූයේය.

දහතුන් මසක් තිස්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලද පෑන් තී රෝහලෙන් නික්මුණාය. ඇය තමාගේ සේයාරුව දුටුවද ඒ ගැන තැකීමක් නොකළාය. ඒ පුංචි කෙල්ලට අවශ්‍ය වූයේ තම ගමට නිවෙසට යෑමටය.

1973 දී නික් ට සිය සේයාරුවට පුලිට්සර් සම්මානය හිමිවිය. එම සේයාරුව ලොව විශිෂ්ටතම දේශපාලන ඡායාරූපය ලෙස නම් කෙරිණ. එහෙත්, නික් ඒ ගැන එතරම් තැකීමක් නොකළේය. ඔහුට එය යුද්ධයේ අතුරු කතාවක් පමණක් විය.

වසරින් වසර ගෙවී යද්දී ඒ සේයාරුවත් ඒ සේයාරුවට මාතෘකාව වූ පිළිස්සී හඬමින් මහ මඟ දිව ගිය කෙල්ලත් සැමට අමතක විය.

”එදා ඒ සේයාරුවේ සිටි දැරියට කුමක් සිදුවී ද? ඇය හොඳින් ද? ජිවතුන් අතරද?” පසුගියදා මේ පැනය තමාගෙන්ම අසා ගත්තේ එදා ඒ සේයාරුවේ සිටි කෙල්ලය. අද ඇය පනස් හැවිරිදි කාන්තාවකි. 

පසුගිය අප්‍රේල් 14 වැනිදා ජපානයේ ටෝකියෝ නුවරදී සිය කතාව අසමින් විෂ්මයෙන් දෑස් අයා බලා සිටින ප්‍රේක්ෂකයන් දහසක් දෙනා හමුවේ පෑන් තී සිය කතාව හෙළි කළාය.

එදා රෝහලෙන් නික්ම ගිය පෑන් තී තාරුණ්‍යයට එළඹෙද්දී ඇය දෙස තියුණු නෙතින් අවධානය යොමු කළ පිරිසක් වූහ. 

ඒ එවකට බලයට පත්ව සිටි වියට්නාම කොමියුනිස්ට් රජයයි. වෛද්‍යවරුන්ගේ නිරීක්‍ෂණයෙන් මිදී තමන්ගේ ම ජීවිතයක් කරා සිහින දකිමින් සිටි පෑන් තී ට සිදුවූයේ කූඩුවක දැමූ කිරිල්ලියකගේ තත්ත්වයට පත්වීමටය.

”රජයට මා අවශ්‍ය වුණා. ඔවුන් සිතුවේ මං අපේ රටෙහි යුද්ධයේ සංකේය ලෙසයි.”
එදා මහමඟ දිව ආ දැරිය අද සිය දරුවා සහ සැමියා සමඟ.
 
වයස අවුරුදු 19 දී ඇය සයිගොන්හි වෛද්‍ය විද්‍යාලයට තේරුණ ද ඇගේ ඉගෙනීම දිටම කරගෙන යෑමට නොහැකි විය.

”දිනක් වෛද්‍ය විද්‍යාලයට පැමිණි රජයේ නිලධාරියෙක් මා විද්‍යාලයෙන් කැටුව ගියා. ඒ විදේශ මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකටයි. මට අවශ්‍ය වුණේ මගේ පාඩුවේ ඉගෙනීමේ කටයුතු කරගෙන යෑමට වුවත් ඔවුන් මගේ අවශ්‍යතාව ගැන තැකීමක් කළේ නැහැ. ඉතින් මට සිදුවුණේ යළිත් යුද්ධයේ ම ගොදුරක් බවට පත්වීමටයි.” පෑන් තී පැවසුවාය.

වියට්නාමයේ ප්‍රචාරක උපකරණයක් ලෙස භාවිත කළ ඇයට ඉන්පසු සයවසරක් කියුබාවේ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලැබිණ. එහිදී ඇයට ඇගේ අනාගත සහකරු මුණ ගැසුණු අතර 1992 දී ඔව්හූ විවාහ වූහ. ඔවුන් මධුසමය සඳහා ගියේ රුසියාවේ මොස්කව් නුවරටය. එහිදීත් පළමුව යෑමට අවසර ලැබුණේ සැමියාට පමණය. කෙසේ හෝ මොස්කව් සිට ආපසු කියුබාව බලා එන අතරතුරදී ඔවුන් රැගත් ගුවන් යානය ඉන්ධන ලබා ගැනීම සඳහා නිව්ෆවුන්ඩ්ලන්තයේ ගැන්ඩර් හි නතර කෙරිණි.

එහිදී මේ අලුත විවාහපත් වූවෝ සිය ඉදිරි ජීවිතය ගැන තීරණයක් ගත්හ. ගුවන් යානයෙන් බට ඔව්හූ එරටෙහි දේශපාලන රැකවරණ පැතූහ.

1994 දී යුනෙස්කෝ ආයතනයේ හොඳහිත පතුරුවන තානාපතිවරියක ලෙස පත් වූ පෑන් තී 1997 දී යුද්ධයෙන් පීඩාවට පත්වන දරුවන් සඳහා වෛද්‍යාධාර සපයන පදනමක් බිහිකළාය. වියට්නාමයේ කාඕ ඩායි ආගමෙන් ක්‍රිස්තියානු දහමට නැඹුරු වූ පෑන් තී පසුගියදා ජපානයට පැමිණියේ එරට විශ්ව විද්‍යාලයකින් ලද ආරාධනයකට අනුව දේශනයක් සඳහාය.

පසුගිය වසරේ දී ඇය කළ ප්‍රසිද්ධ දේශනයක දී පෑන් තී පැවසුවේ, “මට ඇත්ත වශයෙන්ම උවමනා මේ සේයාරුවේ සිටින කෙල්ලගෙන් ගැලවීමටයි. එහෙත් පෙනෙන ලෙසට නම් මේ සේයාරුව මට ගැලවීමට ඉඩක් දෙන එකක් නැහැ” යනුවෙනි.

උතුරු කොරියානු යුද තර්ජනයට මුහුණ දී සිටින රටක් ලෙස ජපානයේ සිටිමින් සිය දේශනය කළ පෑන් තී යුද්ධයේ කුරිරු බව පෙන්වීම සඳහා එදා කුඩා කෙල්ලක ලෙස ඊට මුහුණ දුන් තමා හොඳම උදාහරණයක් යැයි ද පැවසුවාය.

දැන් ඇය සිය දරුවන් සහ සැමියා සමඟ කැනඩාවේ ජීවත් වෙන්නීය.

සේමාලි කැල්ලපත

No comments: