Friday, April 19, 2013

බිස්‌කට්‌ හැදීමට සුදුසු නව වී ප්‍රභේද හඳුනාගනී


සහල් ආශ්‍රිත බිස්‌කට්‌ නිෂ්පාදනය කිරීම සඳහා යෝග්‍ය නව වී ප්‍රභේද හඳුනා ගැනීමේ පර්යේෂණ ව්‍යාපෘතියක්‌ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇත.

මේ සඳහා බතලගොඩ පිහිටි වී පර්යේෂණ සහ සංවර්ධන ආයතනය තවදුරටත් පර්යේෂණවල නිරතව සිටින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

තිරිඟු පිටි භාවිතය අවම කිරීමටත්, සහල් පිටි ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමටත් මෙමගින් අපේක්‍ෂා කරන බව ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

දේශීය ව්‍යවසායකයන් මේ වන විට සහල් පිටි ආශ්‍රයෙන් බිස්‌කට්‌ නිෂ්පාදනය සඳහා යොමු වී ඇති බව ද ඇමැතිවරයා කීවේය.

බිස්‌කට්‌ නිෂ්පාදනය සඳහා මාසිකව වී මෙටි්‍රක්‌ ටොන් 200 ක්‌ පමණ අවශ්‍ය වන බව ද, ඒ සඳහා වැඩපිළිවෙලක්‌ ක්‍රියාත්මක කරන බව ද ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා වැඩිදුරටත් පැවැසීය.

No comments: