Wednesday, April 17, 2013

වෙනිසියුලාවේ නව ජනාධිපති නිකොලොස්‌ මාදුරෝ




වැනිසියුලාවේ නව ජනාධිපති ලෙස නිකොලොස්‌ මාදුරෝ ජයලබා ඇතැයි මැතිවරණ අධිකාරිය කියා සිටියි. මාදුරෝට පක්‍ෂව 50.7% ක ඡන්දයක්‌ද විරුද්ධ අපේක්‍ෂක හෙන්ඩි්‍රක්‌ කැප්රිල්ස්‌ට 49.1% ක ඡන්දයක්‌ද ලැබී ඇත.

මාදුරෝ ජනාධිපති ලෙස පත්වීම තමා පිළිගන්නේ නැතැයි කැප්රිල්ස්‌ ප්‍රකාශ කරමින් මහ මගට බැස විරෝධතා පවත්වන්නැයි ජනතාවගෙන් ඉල්ලා තිබේ.

ජනාධිපති මැතිවරණයේදී සිදුවීම් 3200 ක්‌ ගැන වාර්තාවී ඇතැයිද එහෙත් ඒ සම්බන්ධව පරීක්‍ෂණයක්‌ පැවැත්වී නැතැයිද ඔහු චෝදනා කරයි.

මේ අතර ඇමරිකාව පවසන්නේ ඡන්ද නැවත වරක්‌ ගණන් කළ යුතු බවයි.

No comments: