Saturday, April 20, 2013

Chief Minister Admired a Student...

අකුරු කරන්න කි.මි. 24 ක්‌ පයින් යන එන
දරුවා දැක මහ ඇමැති අතේ තිබූ මුදල දෙයි

සබරගමුවේ උසම ගම්මානය වන බලන්ගොඩ නන්පෙරියල් වතුයායේ නැග්රැක්‌ ගම්මානයේ දිනකට කිලෝ මීටර් 24 ක්‌ පා ගමනින් අකුරු කිරීමට පැමිණෙන දිරිමත් පාසල් දරුවකුගේ සිතේ සවිය අගයමින් සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා තමා ඒ මොහොතේ භාවිත කළ පෑනත්, අත තිබූ මුළු මුදලත් පෙරේදා (18 දා) එම දිරිමත් දරුවාට පරිත්‍යාග කළේය.

නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ හෝර්ටන් තැන්නට කි.මි. 02 ක්‌ ආසන්නයේ පිහිටි නැග්රැක්‌ ගම්මානයට පිවිසීමට මාරක වංගු 32 ක්‌ පසු කරමින් දිවයිනේ දුෂ්කරම ගිරි දුර්ගයන් පසුකර යායුතු වේ.

නැග්රැක්‌ ගම්මානයේ පාසලක්‌ නොමැති නිසා පාසල් යායුතු වියේ දරුවන්ගෙන් ප්‍රදීප් නමැති එකම දරුවා අකුරු කිරීමට දිනපතා කි.මි. 12 ක්‌ දුරින් පිහිටි නන්පෙරියල් විවේකානන්ද විද්‍යාලයට පා ගමණින් යයි. ඔහු නැවත එන්නේ පා ගමනිණි.

මෙම ගම්මානයේ අඩුපාඩු සොයෑබැලීමට මහ ඇමැති මහීපාල හේරත් මහතා එහි ගිය අතර ගම්මානයේ දුවා දරුවන්ට අකුරු කිරීමට විවේකානන්ද පාසල අසල ශිෂ්‍ය නේවාසිකාගාරයක්‌ විවෘත කර එහි සිට ඔවුන්ට අකුරු කිරීමට යැමට ඉඩකඩ ලබා දීමට තීරණය කළේය.

ඒ අතර ප්‍රදීප් ශිෂ්‍යයා තමා අසලට කැඳවූ මහ ඇමැතිවරයා ඒ මොහොතේ තමා අත තිබූ මුළු මුදලම සිසුවාට පරිත්‍යාග කළ අතර මහ ඇමැතිවරයා භාවිත කරමින් සිටි පෑන ද දරුවා අතට පත් කළේය.

ප්‍රදීප් තමා වෙත කඳවා ගත් මහ ඇමැතිවරයා සඳහන් කළේ "පුතේ මේ පොඩි තෑග්ග ඔබේ නැතිබැරි කමට හෝ අසරණ කමට නොවේ. ඔබේ ධෛර්යටත් හිතේ පොහොසත්කමත් අගය කිරීමටයි" යනුවෙනි.

No comments: