Saturday, April 20, 2013

Boston Bomber Caught alive......

බොස්ටන් බෝම්බකරු පණ පිටින් අල්ලයි
මෙහෙයුමට පැය 22යි : පොලීසියේ 1000යි


පැය 22ක අඛණ්ඩ මෙහෙයුමකින් පසු බොස්ටන් මැරතන් තරඟයේ 19 හැවිරිදි දෙවැනි බෝම්බ කරු වෝටර්ටවුන් නගරයේ බෝට්ටුවක සිටියදී මින් ටික වේලාවකට පෙර පණපිටින් අත්ඩංගුවට ගත් බව ඇමෙරිකා ෆෙඩරල් පොලීසිය කියයි.

ඔහු අත්අඩංගුවට ගැනීමේදී කිසිදු සටනක් නොවූ බව ද පොලීසිය කියයි.

ඔහුගේ 26 හැවිරිදි සහෝදරයාට පොලිස් වෙඩිපහරින් මරුමුවට පත් විය.

ඇමෙරිකා ෆෙඩරල් පොලීසියේ දහසක් පමණ මේ හෙයෙහුමට එක්වූහ. බෝස්ටන් වේලාව රාත්‍රී අට වන විට ගිලන්රථ, බෝම්බ නාශක රථ තවත් වාහන කිහිපයක් වෝටර්ටවුන්හි දැකගත හැකි වූ බව සීඑන්එන් වාර්තාකාරියක් පැවසුවාය.

මුළු බොස්ටන් නගරයම පාළුවට ගොස් තිබූ අතර සියලු දෙනා නිවෙස්වලට වී සිටින ලෙසට පොලීසිය උපදෙස් දී තිබිණි.

No comments: