Friday, April 19, 2013

ඇමරිකාවේ තවත් පිපිරීමක්‌.... 15 ක්‌ මරුට 100 කට තුවාල






ඇමරිකාවේ ටෙක්‌සාස්‌ නුවර පොහොර කම්හලක සිදුවූ පිපිරීමකින් 15ක්‌ මියගොස්‌ තවත් 100කට තුවාල සිදුවී ඇත.

කේ.ඩබ්ලිව්.ටී.එක්‌ස්‌. ගුවන්විදුලිය මේ බව සනාථකර තිබේ.

හදිසි වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෝර්ඡ් ස්‌මිත් මේ බව හෙළි කළ බව ටෙක්‌සාස්‌ මාධ්‍ය පවසයි.

මින් 60 දෙනකුගේ තත්ත්වය අසාධ්‍ය යෑයි පැවසේ. මෙම පොහොර ගබඩාවේ ඇමෝනියා තැන්පත් කර තිබූ බව ටෙක්‌සාස්‌ ගිනි නිවන ප්‍රධානි ඩොන් සිගර් කීවේය. මුළු ප්‍රදේශය පුරාම ගිනි ජාලාවක්‌ පැතිරුණා යෑයි ඔහු කීවේය. පොහොර ගබඩාව පිපිරීමත් සමගම 2000 කට අධික ජනතාවකට විදුලිබලය අක්‍රීය වී ඇත.

සිද්ධිය සැලවූ විගස එම ප්‍රදේශයට ගිය සහන සේවා භටයෙක්‌ පවසා ඇත්තේ මළ සිරුරු පහක්‌ දුටු බවයි.

පෙරේදා රාත්‍රි 10.00 ට පමණ මෙම පිපිරීම සිදුවී ඇත. ෙµdක්‌ස්‌ ප්‍රවෘත්ති සේවාව ද පැවසුවේ පොහොර ගබඩාව තුළ පිපිරීම් දෙකක්‌ ඇතිවීමෙන් පසු ගින්නක්‌ හටගෙන තිබෙන බවයි.

මෙවන් විනාශකාරී දෙයක්‌ මින් පෙර දුටුවේ නැතැයි ටෙක්‌සාස්‌ පොලිස්‌ ප්‍රධානි පාර්නෙල් මැක්‌නමාරා පළ කළේය.

පොහොර කම්හල අසල පිහිටි සාත්තු නිවසක්‌ ඇතුළු ගොඩනැඟිලි කීපයක්‌ ද විනාශ වී ඇත. ඩලස්‌ නගරයේ සිට කිලෝමීටර 129 ක්‌ ඈතින් පිහිටි වැකෝ නගරයේ පිහිටි මෙම පොහොර කම්හල පිපිරීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්‌ යෑයි සැක කෙරේ.

මෙම නගරයේ 2700 ක ජනතාවක්‌ සිටී. මේ අතර පොහොර ගබඩාව අවට පදිංචිකරුවන් වහාම ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
 

No comments: