Friday, April 5, 2013
බදුලු කෝච්චියට ගම්පහ අමතකවේ
කොළඹ කොටුව සිට බදුල්ල බලා ඊයේ (04 දා) උදේ ධාවනය වූ දුම්රිය ගම්පහ දුම්රියපළේ නතර කිරීමට නියමිත වුවත්, රියෑදුරුට අමතක වීමෙන් එහි නොනවත්වා ධාවනය කිරීම නිසා මඟීහු පිරිසක් කලබලයට පත්වූහ.
ගම්පහ දුම්රියපළේ නිලධාරීන් මේ පිළිබඳව පියවර ගැනීමෙන් පසු එම දුම්රිය වේයන්ගොඩ සිට ආපසු ගම්පහට පැමිණ එහි සිටි මඟීන් නංවාගෙන තිබේ.
ඊයේ උදේ 9.45 ට කොටුව දුම්රියපළෙන් බදුල්ල බලා ගමන් ඇරඹූ මෙම දුම්රිය ගම්පහ දුම්රියපලට පැමිණෙන බව නිවේදනය කර තිබිණි. එම දුම්රියට ගොඩවීමට මගීන් වේදිකාවේ සූදානම්ව සිටියත් දුම්රිය නොනවත්වා ම ධාවනය වීම නිසා ඔවුන් කලබලයට පත් වී ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment