Wednesday, April 24, 2013

ICU has been closed at Castle Hospital


කාසල් රෝහලේ අයිසීයූ එක වසයි
විෂබීජයක්‌ පැතිරිලා! රෝගී වූ මවක්‌ හදිසියේ මරුට!




විෂබීජයක්‌ පැතිර යැමේ භීතියකින් කොළඹ කාසල්a රෝහලේ දැඩි සත්කාර ඒකකය (අයිසීයූ) ඊයේ (23 වැනිදා) වසා දමන ලදී.

 

දරුණු උණ රෝගයකින් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක මිය යැම සහ එම රෝගයෙන්ම තවත් මවක බරපතළ ලෙස රෝගීවීම හේතුකොට ගෙන මෙසේ හදිසියේ ම එම ඒකකය වසා දැමීමට රෝහල් බලධාරීන් ක්‍රියා කර තිබේ.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කළ විමසීමකදී ඔවුන් පැවසුවේ කොළඹ කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයට විෂබීජයක්‌ ඇතුළුවීම හේතුවෙන් වසා දැමූ බවයි. ඒ පිළිබඳ වෛද්‍ය පර්යේෂණ ආයතනය මගින් පර්යේෂණ සිදුÊකරන බවත් ඔවුහු කීහ.

එම විෂබීජය ඉවත් කිරීමෙන් අනතුරුව යළි එම දැඩි සත්කාර ඒකකය විවෘත කිරීමට කටයුතු කරන බව ද ඔවුහු පැවැසූහ.

කාසල් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මවක පසුගියදා හදිසියේ මියගිය අතර, තවත් මවක බරපතළ තත්ත්වයට පත්වීමෙන් එම ඒකකය පිළිබඳ පරීක්‍ෂණ ආරම්භ කිරීමට ද අදාළ බලධාරීන් ක්‍රියා කර තිබේ.

බරපතළ තත්ත්වයේ පසු වූ මව ද සොයිසා රෝහලට ඊයේ මාරු කර යවා ඇත.

කාසල් රෝහලේ නේවාසිකව සිටින සියලුම මවුවරුන්ට, බිලිඳුන්ට මුඛ ආවරණ පැළඳවීමට ද රෝහල් බලධාරීන් ක්‍රියා කර තිබූ අතර, රෝහල් කාර්ය මණ්‌ඩලය ද මුඛ ආවරණ ඊයේ පැළඳ සිටියහ.

රෝගීන් බලන වෙලාවන්වලදී රෝහලේ සියලු දෙනාගේ මුඛ ආවරණ ඉවත් කර තැබීමට ද රෝහල් බලධාරීහු ක්‍රියා කළහ.

No comments: