Friday, April 19, 2013

අවුරුදු සමයේ සතොසට මිලියන 1786 ක ආදායමක්‌


සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය තුළ ලංකා සතොස රුපියල් මිලියන 1786 ක ආදායමක්‌ උපයා ගෙන ඇතැයි සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

මෙය උත්සව සමයකදී ලබාගත් ඉහළම ආදායම වන බව ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

මෙම ආදායම ලංකා සතොස අප්‍රේල් පළමු වැනිදා සිට 13 වැනිදා දක්‌වා කාලය තුළ උපයා ගෙන ඇත.

මීට පෙර ලංකා සතොස පසුගිය වසරේ (2012) රුපියල් මිලියන 1293 ක ආදායමක්‌ උපයා ගෙන තිබිණි.

මෙවර උත්සව සමයේ ලංකා සතොස, සමුපකාරය, කෝප් සිටි හා මිනිකෝප් සිටි හරහා අත්‍යවශ්‍ය භාණ්‌ඩ හිඟයකින් තොරව සහ සහන මිල ගණන්වලට ලබා දීමට හැකි වූ බවද ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

No comments: