අකුරැස්ස
ඉඹුල්ගොඩ ප්‍රදේශයේ අවුරුදු දහසයක පාසල් ශිෂ්‍යාවක් පදිංචි නිවසට (03)
දහවල් කාලයේ පැමිණි ඇයගේ මාමා කෙනෙකු වන අයෙකු ශිෂ්‍යාවගේ ගෙල පිහියකින්
කැපීමකින් බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුල් කර ඇත. මෙම පුද්ගලයා ඊට පෙර
දින මෙම නිවසට පැමිණ මුදල් වගයක් ඉල්ලා නිවසේ සිටි දැරියගේ සීයා හා ආච්චිට
කරදර කොට ඇත. එම අවස්ථාවේදී රුපියල් 1500 ක් ලබාගෙන ඔහු ගොස් ඇත. නමුත් ඊට
පසුදා දහවල් ඔහු යළි එම නිවසට පැමිණ මුදල් ඉල්ලා කරදර කර ඇත. එම අවස්ථාවේ
නිවස ඉදිරිපිට සිටි මෙම දැරියගේ ගෙල පිහියකින් කැපීමෙන් තුවාල ලබා රෝහල් ගත
කොට ඇත. සැකකරු පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
No comments:
Post a Comment