Wednesday, April 3, 2013

මෙරට දෙමළ ජනතාවට සහන ඉල්ලා දකුණු ඉන්දීය කලාකරුවෝ චෙන්නායි හි උපවාසයේ




රැජිණි කාන්ත් ඇතුළු පිරිස උපවාසයේ නිරතවූ අයුරු.

මෙරට දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙස සහ ඔවුනට සහාය පළකරමින් දකුණු ඉන්දීය චිත්‍රපට කලාකරුවෝ ඊයේ (02 වැනිදා) චෙන්නායිහිදි උපවාසයක්‌ පැවැත්වූහ.

ත්‍යාගනගර්හි අබ්දුල්ලා මාවතේ පිහිටි දකුණු ඉන්දීය නළු නිළි සංගම් ශාලාවේදී දවස පුරා පැවැත්වූ මෙම උපවාසය දකුණු ඉන්දීය සිනමා කලාකරුවන්ගේ සංගමය විසින් සංවිධාන කර තිබිණි.

මෙම උපවාසය සඳහා දකුණු ඉන්දීය සුපිරි නළු රැජිණි කාන්ත් ද කමලාසන් සරත් කුමාර්, විජෙයි අජිත් කුමාර්, සූරියා ඇතුළු දකුණු ඉන්දීය චිත්‍රපට නිෂ්පාදකයන්, අධ්‍යක්‍ෂවරුන් බෙදාහරින්නන්, ප්‍රදර්ශකයින් සහ කලාකරුවන් ඇතුළු ක්‌ෂේත්‍ර කිහිපයකම නියෝජිතයෝ එක්‌ව සිටියහ.

ඊයේ දිනය තුළ දකුණු ඉන්දියාවේ සියලුම චිත්‍රපට රූගත කිරීම් ද නවතා දමනු ලැබීය.

No comments: