මහනුවර
පොලිසියේ නිළ සුනඛ අංශයට අනුයුක්තව සේවය කරන ‘රාසා’ සහ ‘සැඩී’ යන නිළ
සුනඛයින් දෙදෙනා මහනුවර නගරයට හෙරොයින් බෙදාහරින “කුඩු සුරේකා” නැමැති
සැකකරු පසුපස ලුහු බැද ඔහුගේ ඇඟට පැන බිම පෙරළා හෙරොයින්ද සමඟ පොලිස්
අත්අඩංගුවට පත් කිරීමට සමත් වූහ. මෙය සිදුවූයේ ඉකුත් ඉරිදා
(07) ය. ඔස්ට්‍රේලියාවේ සිට මෙරටට ගෙනවිත් විෂ මත්ද්‍රව්‍යය සඳහා පුරුදු
පුහුණු කළ මෙම නිළ සුනඛයින් දෙදෙනා දැන් මහනුවර සහ අවට විෂ මත්ද්‍රව්‍ය
වැටලීම් වලට සහභාගී කරවා ගනු ලබයි. මහනුවර පොලිසියේ කොට්ඨාශ දූෂණ මර්ධන
අංශයේ ස්ථානාධිපති ප්‍රදීප් කෝට්ටගේ මහතා ඇතුළු පොලිස් කණ්ඩායම මෙම සැකකරු
අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළත් ඔහු පොලිස් ඇසට හසුනොවී මෙම ජාවාරම කළත්
සිදුකළේය. ඉන්පසු පොලිස් නිලධාරීන් තීරණය කළේ මොහු හෙරොයින් සමඟ අල්ලා
ගැනීමට විෂ මත්ද්‍රව්‍ය සඳහා පුරුදු පුහුණු කළ මෙම නිළ සුනඛයින් යොදා
ගැනීමටය. ඒ අනුව මෙම පොලිස් කණ්ඩායම දුටු ‘කුඩු සුරේකා’ සැඟ වුණත් නිළ
සුනඛයින්ගේ ඉවට වැඩි වේලාවක් සැඟවී සිටින්නට නොහැකි විය. ‘ රාසා’ සහ ‘සැඩී’
එක්වරම කුඩු සුරේකා ලුහු බැන්දේය. එයින් බියට පත් කුඩු සුරේකා දුවන්නට
විය. සැඩී සහ රාසා ද තම උත්සාහ අත නොහැරියේය. කුඩු සුරේකා පසුපස පන්නනාගෙන
ගොස් මොවුන් දෙදෙනා කුඩු සුරේකාගේ ඇඟට පැන්නේය. එයින් බියට පත් කුඩු සුරේකා
බිම ඇද වැටිණි.අවසන කුඩු සුරේකා පොලිස් අත්අඩංගුවට පත්විණි.
No comments:
Post a Comment