ක්ලියෝපැට්රා සමාජශාලාවේ නළඟනක වන නයි නළඟන ලෙස ප්‍රකට දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි කටුනායකදී අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලකට නියෝග කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (08) ඉවත දමනු ලැබීය.
ඇය අධිකරණ කොන්දේසි කඩකරමින් එතෙර ගොස් ඇතැයි ද පොලීසිය අධිකරණයට දන්වා
සිටි අතර මෝසමක් මගින් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට කියා සිටියේ ඇය සිටින
තැනක් හෝ ඇගේ ස්ථිර ලිපිනය හෝ සොයා ගත නොහැකි බවය. පසුගිය අප්‍රේල් 04 වැනිදා අධිකරයට නොපැමිණි නිසා ඇය අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත් වරයා වරෙන්තු නිකුත්කර තිබනි. මහේස්ත්‍රාත් පොලීසිය දැන්වූයේ ඇය ගුවන්තොටේදී අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය නම් වරෙන්තුවේ කොපියක් ගුවන්තොට පොලීසියට දීම අනුමත කරන බවයි.
No comments:
Post a Comment