Monday, April 8, 2013

සත්ව ඝාතක තිස්සමාහාරාම ළමා නිවාසයේ ළමුන් 5ක් අතුරුදන්


Tissa-lamaniwasaya-1තිස්සමාහාරාම බෝගහපැළැස්සේ ළමා නිවාසයේ දරුවන් සත්ව
ඝාතන සඳහා යොදවා ගත් පාස්ටර්වරයා අද (08) තිස්සමහාරාම අධිකරණයේ පෙනි සිටියහ. ළමුන් කෘරත්වයට පත්කිරිමේ චෝදනාව මත පසු ගිය 26 වැනි දින නිවාසයේ පාළකයා වු කේ. ඒ දායාරත්න නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර තිබුණි. අද දින අධිකරණය හමුවේ පෙනී
සිටි විත්ති කාර
පාස්ටර්වරයා යටතේ සිටි ළමුන් 81 සිටි අතර එම ළමුන් ගෙන් වැඩිවියට පත් ගැහැණු දරුවන් හතර (04) දෙනකු හා එක් පිරිමි දරුවකු නොසිටි බව ළමා අරක්‍ෂක නිලධාරින් මහේෂ්ත‍්‍රාත්වරයාට පැමිණිනිළි කළ අතර ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරින් පැමිණ මෙම දරුවන් තම භාරයට ගෙන කොළඔට රැගෙන එන අවස්ථාවේ දී ළමුන් 76 දෙනකු සිටිය බවත් ලේඛණ තුළ සිටි ළමුන් 5 ක් නොසිටි බව පැවසිය.

Tissa-lamaniwasaya-6එම අවස්ථාවේදී හම්බන්තොට පරිවාස නිලධාරි ඒ. එල්. තිළකරත්න මහතා ළමුන් 4 ක් ඉදිරිපත් කළ අතර මෙම ළමුන් ජාතික ළමා ආරක්‍ෂක අදිකාරියේ Tissa-lamaniwasaya-2නිලධාරින් පැමිණි විට දී සිටියේ කොහි ද යන්න වර්තා කරන ලෙස තිස්සමහාරාම මහේස්ත‍්‍රත් සංජීව රම්‍ය කුමාර මහතා පරිවාස නිලධාරින්ට නියෝග කළ අතර එහි දී නිලධාරි ඒ. එල්. තිළකරත්න මහතා පැවසුවේ දරුවන් ගේ නම් වල ඇතිව තිබු ගැටළු මත එදින බාර නොදුන් බවයි. මෙහි දී මෙම නඩුව මෙම මස 22 වැනි දිනට යලිත් කැදවනු ලැබීමට නඩුව කල් දැමු අතර මෙහි දි සැකකරුවන දායාරත්න පාස්ටර් වරයා ගේ නිතිඥයින් ඉල්ලා සිටියේ සැම ඉරිදා දිනයකම අදාළ පාස්ටර් වරයා තිස්සමහාරාම පොලිසියේ සිදු කරන පෙනිසිටීමේ නියෝගය ලිහිල් කර අවලංගු කරදෙන ලෙසයි. එහි දි මහේෂ්ත‍්‍රත් සංජිව රම්‍ය කුමාර මහතා පැවසුවේ මෙම ළමා නිවාසයේ දුෂණ පිළිබඳව සිදු කරන පරික්‍ෂණ තවමත් අවසන් කරනොමැති බැවින් සැම සෙනසුරාදාවකම එම අස්සන් කිරිම සිදු කළ යුතු බවයි. මෙම පාස්ටර්වෙනුවෙන් ඉදිරිපත් වු නිතිඥයින් වුයේ සුනිල් Tissa-lamaniwasaya-4ගුණසේකර, කි‍්‍රෂාන්ත අබේසිංහ, Tissa-lamaniwasaya-3පේ‍්‍රමචාන්ද්‍රතල්පාවිල යන මහතුන් පෙනී සිටි අතර ළමුන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරින් විසිනි. මෙම අතුරුදහන් කර තිබු ගැහැණු දරුවන් පිළබඳව තිස්සමහාරාම ජනයා පැවසුවේ අතවරයන්ට ලක් වු ළමුන් පරික්‍ෂණ මගින් ඔප්පු විමට ඇති ඉඩ නිසා ඔහුන් සඟවා වෙනත් ළමා නිවසයක දරුවන් පිරිසක් යොමු කිරිමට හම්බන්තොට ළමා පරිවාස නිලධාරින් හා පාස්ටර්වරයා කුමණ්ත‍්‍රණයක් කර ඇති බවයි. මෙම නඩුව පැවති අවස්ථාවේ විත්තිකාර පාස්ටර්වරයාට ඥාතිකම් ඇති ලූණුගම්වෙහෙර හා තණමල්විල ප‍්‍රදේශයට අයත් ළමා නිවාස වලට සම්බන්දකම් ඇති පාස්ටර් වරුන්ද එක්ව සිටි අතර මෙම නඩුවට පැමිණේන මාධ්‍ය වේදින් පිළිබඳව සෙවීම සඳහා කතරගම තිස්සමහාරාම ප‍්‍රදේශයේ පුද්ගලයින් 20 ක් පමණ පිරිසක් අධිකරණය අවට රදවා තිබු අතර මෙහි දී තවත් පිරිසක් පැමිණ සිටි රථ වාහන පරික්‍ෂා කරමින් මාධ්‍ය වේදින් පිළිබඳව සොයා බලමින් සිටිනු දක්නට ලැබුණි.
Tissa-lamaniwasaya-5

No comments: