Saturday, April 6, 2013
ක්‍රිකට් ක්‍රීඩකයන්ට අලුත් තර්ජනයක්
ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගවල යෙදෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් ඉවත් කරන්නැයි එල්.ටී.ටී.ඊ. ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානම පාර්ශ්වය වන ගෝලීය දෙමළ සංසදය (ජී.ටී.එෆ්) අනතුරු අඟවා ඇත. කොටි හිතවාදීන්ගේ බලපෑම හේතුවෙන් දැනට චෙන්නායි තරගවලින් පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත්ව සිටියදී එල්.ටී.ටී.ඊ ජාත්‍යන්තර ජාලය මෙම අනතුරු ඇඟවීම නිකුත් කරතිබේ. ගෝලීය දෙමළ සංසදයේ ප්‍රකාශක සුරේන් සුරේන්ද්‍රන් ප්‍රකාශයක් නිකුත් කරමින් අයි.පී.එල්. තරගාවලියේ චෙන්නායි තරගවලින් පමණක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉවත් කිරීම ප්‍රමාණවත් නැති බව සඳහන් කර ඇත. ඒ අනුව අයි.පී.එල්. තරග පැවැත්වෙන අතරවාරයේ කොටි ජාත්‍යන්තරයේ උසි ගැන්වීම අනුව කිසියම් විරෝධතාවක් හෝ ඊට සමාන සිද්ධියක් ඇතිවීමට ඉඩකඩ ඇති බව ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ වන විට අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 11 දෙනකු සහභාගි වී සිටිති.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment