විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසම හමුවේ ලිඛිත හා වාචිකව අදහස් දැක්වූ පාරිභෝගිකයන්ගෙන් සියයට අනූපහක්ම (95%) ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශයට පත්කළ නව ගාස්තු අය ක්‍රමයට විරුද්ධත්වය පළ කර තිබේ. මීට අමතරව රටේ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විවිධ සංවිධාන හා ආගමික නායකයන් ද විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා යෝජිත නව ක්‍රමයට විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙන බව මහජන උපයෝගිතා කොමිසමේ ප්‍රකාශකයෙක් "පවස නිව්ස්
පවතින මූල්‍ය අර්බුදය හමුවේ යෝජිත ගාස්තු වැඩි කිරීමේ නව ක්‍රමය වසරක්වත් අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර සිටී.
විශේෂයෙන්ම ගෘහස්ථ විදුලි පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිශතයකින් විදුලි ගාස්තු ඉහළ දැමීමටත්, ඒකක හැට, අනූව ආදී කාණ්ඩ පසු කිරීමේදී පළමු විදුලි ඒකකයේ සිටම වැඩිවන අය ක්‍රමයටම ගණන් ගැනීමට ද විදුලි පාරිභෝගිකයෝ විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය ඇස්තමේන්තු කර තිබෙන වාර්ෂික වියදම පියවා ගැනීම සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමට යැම හා ඇස්තමේන්තුගත වියදම නිවැරැදිද යන්න පිළිබඳව ද මහජන අදහස් අතර ප්රබලව මතු වූ කාරණා බව ද කොමිසමේ ප්‍රකාශකයා තවදුරටත් පැවසීය.
විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධව මහජන අදහස් ලබාගැනීම පසුගිය බ්‍රහස්පතින්දා (04 වැනිදා) අවසන් කළ අතර ඒ අනුව ඊට අදාළව සංක්ෂිප්ත වාර්තාවක් සති දෙකක් තුළ සැකසීමට නියමිතව ඇත.
නව සංශෝධිත ගාස්තු ව්යqහයක් යළි සකසන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට නිර්දේශ කිරීමට නියමිතය.
එම නිර්දේශ අනුව සකසන නව සංශෝධිත විදුලි අය ක්‍රමය අවසාන වශයෙන් කොමිසමේ අනුමැතියෙන් පසු ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද මහජන උපයෝගීතා කොමිසමේ ප්‍රකාශකයකු තවදුරටත් පැවසීය.
No comments:
Post a Comment