කැප් තුවක්කුවක් හා බඳින
තුවක්කුවක් යොදා ගනිමින් අප්‍රියෙල් 07 වැනිදා ගෝනෙක් මරා මස්විකුණූ
පුද්ගලයන් තිදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන බළන් ගොඩ උසාවියට ඉදිරිපත්
කිරීමෙන් පසුව එක් අයෙක් ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට
නියෝග කළේය. බළන්ගොඩ දිසා අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එම්.
චන්ද්‍රසේකර මහතා 07 වැනිදා බළන්ගොඩ දිසා අධිකරණයේදී ,තුවක්කුව සමග ගෝනා
මස් ළඟ තිබුණ
පළමු විත්තිකරුට එසේ නියෝග කළේය. 02 වැනි හා තෙවැනි විත්තිකරුවන්ට රුපියල්
පන්දහස බැගින්රුපියල් දස දහසක් හා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහැරීමටත්
නියෝග කළේය. සැකකරුවෝ ඉඹුලාමුර මහවලතැන්න බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෝ
වෙති.
No comments:
Post a Comment