Wednesday, April 10, 2013

බස් ‍ලේකම් මාරාන්තික උපවාසයක

buss11බස්නාහිර පළාත් සභාව විසින් ඉහළ දමා ඇති බස් රථ සේවා ගාස්තුවට එරෙහිව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා විසින් සංවිධානය කර ඇති මාරාන්තික උපවාසය අද (09) පෙරවරු 9.00ට ආරම්භ වේ. බස්නාහිර පළාත් සභාවේ බත්තරමුල්ල පිහිටි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ඉදිරිපිට මෙම මාරාන්තික උපවාසය පැවැත්වෙන අතර අංජන ප්‍රියන්ජිත් මහතා සහ එම සම්මේලනයේ ජාතික සංවිධායක ගමගේ සුමනදාස මහතාද සිය ඉල්ලීම ජයග්‍රහණය කරනතුරු මාරාන්තික උපවාසයේ යෙදීමට නියමිතය. බස් හිමියන් 500කට අධික පිරිසක්ද මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත. බස්නාහිර පළාත් ප්‍රවාහන අමාත්‍ය උපාලි කොඩිකාර මහතාගේ අනුරුවකට ගිනි තැබිමටද බස් හිමියන් සූදානමින් සිටියි.

No comments: