Friday, April 5, 2013

දුක කියන්න කොළඹ පොලිසියටම එන්න ඕන නෑ

Police--l 








පොලිස්පතිවරයාට දුග්ගැනිවිලි ඉදිරිපත් කරන්නට සෑම සිකුරාදා දිනයක්ම වෙන්කර ඇතත් ඒ සඳහා මහජනතාව කොළඹටම පැමිණීමට සිදුවන බැවින් පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලවල ද මහජන දිනයක් වෙන්කරන්නට පොලිස්තිවරයා තීරණය කර තිබේ. ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ බුද්ධික සිරිවර්ධන මහතා නිකුත් කළ නිවේදනය මෙසේය. දිවයිනේ පොලිස් ස්ථාන වලට මහජනයා විසින් සිදුකරන විවිධ පැමිණිලි කඩිනමින් විමර්ශනය කර නිසි කි‍්‍රයාමාර්ග නොගැණීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමින පැමිණිලි කිරිමට සෑම සිකුරාදා (ප‍්‍රසිද්ධ නිවාඩු දින හා පොහොය දින හැර) දිනකම පොලිස් මූලස්ථානයේදි මහජන සහන දිනය පැවැත්වේ. ඒ අනුව දිවයිනේ නන් දෙසින් පැමිණෙන මහජනයා දුර බැහැර ගෙවා පොලිස් මූලස්ථානයට පැමින පැමිණිලි කිරිමෙන් මහජනයාට සිදුවන අපහසුතා මගහරවා ගැණීම සඳහාත්, වඩාත් පහසු ආකාරයෙන් එම පැමිණිලි ඉදිරිපත් කිරිම සඳහාත් , පළාත් මට්ටමින් මහජන සහන දිනය පැවැත්විමට අවශ්‍ය කටයුතු පොලිස්පතිතුමා විසින් සම්පාදනය කොට ඇත. ඒ අනුව පළාත් මහජන සහන දිනය පහත සදහන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිකාර්යාලයන්හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්ගේ සහභාගිත්වයෙන් සෑම මසකම දෙවන සතියේ බදාදා සහ හතරවන සතියේ බදාදා දිනයන්හි පවත්වනු ලබයි. මහජන සහන දිනය පළාත් මට්ටමින් පවත්වන ස්ථාන පහත දක්වා ඇත.
01 බස්නාහිර පළාත -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය අතුරු මහළ, පොලිස් මූලස්ථානය. කොළඹ 01.
02 ඌව පළාත       -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, බදුල්ල.
03 උතුරු පළාත       -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, යාපනය.
04 නැගෙනහිර පළාත -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, ත‍්‍රීකුණාමලය.
05 වයඹ පළාත         -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ,කුරුණෑගල.
06 මධ්‍යම පළාත       -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය,මහනුවර.
07 දකුණු පළාත         -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, මාතර.
08 සබරගමුව පළාත     -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, රත්නපුරය.
09 උතුරු මැද පළාත -: ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අනුරාධපුරය.

No comments: