තම
දරුවාද සමග මහමග ගමන් කරමින් සිටි කාන්තාවක් බියකර ඇය පැළද සිටි රන්
දම්වැලක් කොල්ලකා පලා ගිය බව කියන යතුරු පැදිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි. ඉකුත් 04 වැනි
දින සවස හලාවත -බංගදෙනිය ප්රදේශයේ අතුරු මාර්ගයකදී මෙම කොල්ලය සිදුවී ඇත.
තම දරුවාගේ පාසලේ පැවති අවුරුදු උත්සවය අවසානයේ නිවස බලා යමින් සිටින විට
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු කෑ නොගසන ලෙස බිය කර තමන් ගෙළ පැළද සිටි
රන් දම්වැල කොල්ලකා පලා ගිය බව බංගදෙණිය - වැව ඉහළ පදිංචි කොට්ටගේ මධුෂා
දිල්හාණි යන අය පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත. කොල්ලකරුවන් කව්රුන්ද
යන්න පැමිණිළිකාරිය හදුනාගෙන නැති බව පොලිසිය කියයි. හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
No comments:
Post a Comment