Tuesday, April 2, 2013

පැෂන් බග් ආයතනය සැකකරුවන්ට සමාව දේයි... සැකකරුවෝ නිදහස් -නඩුවත් ඉවරයි...

පැපිලියානේ ව්‍යාපාරික ස්ථානයකට එල්ලවු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ වනවිට සැකකරුවන් 17 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

අද දින නුගේගොඩ උසාවියට ඉදිරිපත් කළ හිමි තෙනම ඇතුළු සැකකරුවෝ 17 දෙනාම නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා විසින් නිදහස් කරනු ලැබූහ. නඩුව නොපවත්වන බව දෙපාර්ශ්වයම අධිකරණයට දැන්වීය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අධිකරණයට දැන්වූයේ අගතියට පත් පැෂන්බග් වෙළ ද ආයතනය සිද්ධිය සමථයට පත් කර ගැනීමට කැමැත්ත පළකර ඇති හෙයින් හදුනා ගැනීමේ පෙරට්ටුවක් අනවශ්‍ය බවයි.

බුද්ධ ප්‍රත්‍රයන් බුදුන් දෙසූ ධර්මය අනුව සමාජ ආරවුල් ඇති නොකර සමාජය එකමුතු කරමින් මහජනතාවට හෝ නරක කියා දිය යුතු යැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා සැකකරුවන් නිදහස් කරමින් කියා සිටියේය.

බුද්ධ පුත්‍රයන් හැමවිටම බුදුන් අනුදැන වදාළ මග යායුතු බව ද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

කොරළවැල්ල පුරාණ රජමහා විහාරයේ දම් පහළ රාහුල, ගල්කිස්ස තෙලවල සිරි විජය ධර්මායතනයේ දම්පහල ඥානරතන, කොරලවැල්ල පුරාණ රජ මහා විහාරයේ අනුරාධපුර පාලිත, පැපිලියානේ ටී එච් එම් ප්‍රේමකුමාර, පැපිලියානේ සජිත් ලක්මාල් (සන්නිවේදන ආයතන හිමිකරු) දිවුලපිටියේ පී කේ චන්ද්‍රසිරි (ව්‍යාපාරික), ප්‍රභාත් ජයෂාන්ත, දිවුලපිටියේ ඊ ටී චම්පික, කොහුවල ලලිත් ධර්මප්‍රිය, බොරලැස්ගමුවේ රනිල් ප්‍රනාන්දු (ත්‍රීරෝද රියදුරු), ප්‍රසන්න විමල් ද සිල්වා (පංසලක සේවක) උසාවියට ඉදිරිපත් කළ සැකකරුවන් අතර වූහ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කෙරිණි.

පළමුව පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගත් අතර අනතුරුව තවත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඊයේ දිනයේ ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

ඔවුන්ගෙන් පස් දෙනෙකු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර එක් පුද්ගලයෙකු ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ භික්ෂූන් වහන්සේ තෙනමක් පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා සඳහන් කළේය.

ඊට අමතරව තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ දිනයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ඒ අනුව අද දිනයේ ඔවුන් සියලුදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ දී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පැෂන්බග් ආයතනය සැකකරුවන්ට සමාව දේයි... සැකකරුවෝ නිදහස් -නඩුවත් ඉවරයි...
 
No comments: