Wednesday, April 3, 2013

රාවණ බලය සංවිධානය ශ්‍රිලංකා ක්‍රිකට් ආයතනය වටලයි.

අයි.පී.එල්.තරගාවලියට එක්ව සිටින ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින්ට විරෝධය පල කිරීම සඳහා එම' සංවිධානය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිට දී (03දා) උද්ඝෝෂණයක නිරතවිය.

අයි.පී.එල් තරගාවලියට එක්ව සිටින ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයින්ට මව්බිම අමතක වි ඇතැයි ද ඔවුන්ගේ ජිවිත පාඨය මුදල් වී ඇතැයි ද 'රාවණා බලය' ප‍්‍රධාන ලේකම් පූජ්‍ය ඉත්තැකන්දේ සද්ධාතිස්ස හිමියන් එහිදී ප්‍රකාශ කළහ. මෙම පාවාදීමේ විපාකයන්ගෙන් අයි.පී.එල් තරගාවලියට එක්ව සිටින කිසිඳු ශ‍්‍රි ලාංකික ක‍්‍රීඩකයෙකුට ගැලවි යා නොහැකි බව ද උන්වහන්සේ කියා සිටියහ.
අයි.පී.එල්. (IPL)ගිය අපේ ක‍්‍රිඩකයින් සල්ලිවලට තමන්ගේ මව්බිම, ඇඟ හා හැකියාවයි විකුණන බව රාවනා සංවිධානය පවසයි.

03 දා පෙරවරුවේ ක‍්‍රිකට් පාලක මණ්ඩලය ඉදිරිපිට පැවැත් වු උද්ඝෝෂණයේදී එම සංවිධානයේ මහලේකම් ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසා සිටියේ මේ තරඟාවලිය සඳහා සහභාගී වු ක‍්‍රිඩකයින් සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවයි. තවද ක‍්‍රිකට් පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ ක‍්‍රිකට් ක‍්‍රිඩකයින්ගේ කොන්ද පණ නැති බවයි උන්වහස්සේ අවධාරණය කළා. තවද රණවිරුන් මුදා ගත් ලංකාවක ක‍්‍රිකට් පාලන මණ්ඩලයේ නිලධාරීන්ගේ සහ ක‍්‍රිකට් ක‍්‍රිඩකයින්ගේ මෙම ක‍්‍රියා හේතුවෙන් හැල්ලූවට පත් වන බවයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ.

ක‍්‍රීඩකයින් පමණක් නොව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ද මුදලට යටවී සිටින බව උන්වහන්සේ එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළහ.මේ අතර ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිට 03 දා උදෑසන පැවති උද්ඝෝෂණයේ දී කිසියම් නොසන්සුන්තාවක් ද ඇතිවිය.

උද්ඝෝෂකයින් විසුරුවා හැරීම සඳහා ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ඉදිරිපිටට පැමිණ සිටි අතර, ඒ මහතා සහ උද්ඝෝෂකයින් අතර උණුසුම් සංවාදයක් ඇතිව තිබේ.

මෙම සංවාදයෙන් පසුව භික්‍ෂුන් වහන්සේ 05 දෙනෙකු පමණක් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට ඇතුළු වී සන්දේශයක් බාරදී ඇත.

No comments: