මහරගම සිට නිවාඩුවට තංගල්ලේ යමින් සිටි මව, පියා, පුතා සහ දියණිය රැගෙත්
සුඛෝපභෝගී ජිප් රිය දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම 14 වැනි සැතපුම් කණුව
අසලදී පෙරළී යාම නිසා එම රථය පදවාගෙන ගිය ව්‍යාපාරිකයකු වන පියා ජීවිතක්ෂයට
පත්ව ඇත.
ඒ. ජී. ඩී. ශානක නැමති
40 හැවරිදි ඔහු මහරගම ස්වර්ණාභරණ සාප්පුවක හිමිකරු වන අතර ඔහුගේ බිරිඳ සහ
දියනිය බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටී.ව්‍යාපාරිකයාගේ පුතාට සහ ඔහු
සුරතලයට ඇතිකළ ජිප් රියේ කූඩුවක සිට හමුවූ ගිරවාදටද කිසිඳු තුවාලයක් සිදුවී
නැත.ජීවිතක්ෂයට පත්වූ ව්‍යාපාරිකයා රථය පදවන අවස්ථාවේ බඳ පටිය නොපැළඳ සිටි
බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.පාර මැද වැටේ හැපුණු රිය අඩි 50 පමණ ඉහළට
එසවී ගිය බවත් රියදුරු රියෙන් එළියට විසිවී රියට යටවූ බවත් සිද්ධිය දුටුවෝ
කියති.
ඒ. ජී. ඩී. ශානක නැමති 40 හැවරිදි ඔහු මහරගම ස්වර්ණාභරණ සාප්පුවක හිමිකරු වන අතර ඔහුගේ බිරිඳ සහ දියනිය බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටී.ව්‍යාපාරිකයාගේ පුතාට සහ ඔහු සුරතලයට ඇතිකළ ජිප් රියේ කූඩුවක සිට හමුවූ ගිරවාදටද කිසිඳු තුවාලයක් සිදුවී නැත.ජීවිතක්ෂයට පත්වූ ව්‍යාපාරිකයා රථය පදවන අවස්ථාවේ බඳ පටිය නොපැළඳ සිටි බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.පාර මැද වැටේ හැපුණු රිය අඩි 50 පමණ ඉහළට එසවී ගිය බවත් රියදුරු රියෙන් එළියට විසිවී රියට යටවූ බවත් සිද්ධිය දුටුවෝ කියති.
No comments:
Post a Comment