Saturday, November 10, 2012

හදිසි අනතුරුවලින් පන්දහසක් මිය ගිහින්

රිය අනතුරු නොවන හදිසි අනතුරු  වලින් වසරකට පන්දහසකට ආසන්න පිරිසක් මියයන බව ‍පොලිස් මූලස්ථානය කරන ලද සමීක්ෂණයකදී හෙළි වී තිබේ. එම මූලස්ථානයේ සංඛ්‍යා‍ලේඛන හෙළිකරන පරිදි, ඉකුත් වසර තුළ එවැනි හදිසි අනතුරුවලින් 4039 දෙනෙකු මියගොස් ඇත. ඉන් වැඩිපිරිසක් මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් වන අතර එම සංඛ්‍යාව 984කි. ඒ අතරින් 786 දෙනෙකුම පිරිමින් බවද එම සංඛ්‍යා‍ලේඛන පෙන්වා දෙයි.
ඊට අමතරව විදුලිසර වැදීමෙන් 143ක් ද, ගොඩනැගිලිවලින් බිමට වැටීම්වලින් 190ක් ද, ගස්වලින් බිමට වැටීමෙන් 284ක් ද ගින්නට අසුවීමෙන් 169ක් ද, සර්පයන් දෂ්ට කිරීම්වලින් 159ක් ද මියගොස් ඇත.

No comments: