Saturday, November 3, 2012

දිවි නැගුම පනත 6 දා පාර්ලිමේන්තුවට

දිවි නැගුම පනත් කෙටුම්පත ලබන 6 දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. පැයක කාලයක් විවාදකොට ඉතිරිය අය වැයෙන් පසු දිනකදී විවාද කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ප්‍රකාශයෙකු සඳහන් කළේය. ලබන හය වැනිදා පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂය ගෙනඑන ග්‍රීක බැඳුම්කර සම්බන්ධ, සභාව කල්තැබිමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතය. එම විවාදය ඇරඹීමට පැයකට පෙර දිවි නැගුම පනත විවාද කරනු ඇතැයි පැවැසේ.
දිවි නැගුම පනත මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇත. ලබන 5 දා පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදීද මේ ගැන සාකච්ඡා කිරීමට නියමිතය.

No comments: