මාතලේ රෝහල් භූමියෙන් අහම්බෙන් මතු වූ සමූහ මිනීවළ රටක මානව හිමිකම් (විරුද්ධ දේශපාලන මත දරමින් ජීවත් වීමේ අයිතිය) කඩවීම් පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු කරන්නකි. එහෙත් එය උතුරේ චෙම්මනී මිනීවල තරම් අප රටේ සිටින ඊනියා මානව හිතවාදීන් හෝ ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධාන කළඹවන ප්‍රශ්නයක් වීමට ඉඩ නැත.
දැනට මේ සම්බන්ධයෙන් දැඩිව කැළඹී සිටින්නේ හෝ එසේ යයි පෙන්වන්නේ ජ.වි.පෙ පමණයි. රාජ්‍ය මර්ධනයේ ගොදුරක් වූ මම1990 අග, ජීවිතාරක්ෂාව පතා රටින් පිටවී ප්‍රංශයට පැමිණි දේශපාලන රැකවරණ ඉල්ලා සිටියෙමි. ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනයෙහි විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාගත් මම ත්‍රි පුද්ගල කමිටුවක් ඉදිරියේ (තිදෙනාම මැදිවියේ නිලධාරිනියන් වූහ) භීෂණ සමයේදී රටේ සිදු වූ දේවල් හෙළිදරව් කළෙමි.
මගේ අවසරය ඇතිව පටිගත කරන ලද එම තොරතුරු අසා සිටි එක් නිලධාරිනියක් ක්ලාන්ත වූවාය. මගේ පිට පුරා ඇති දරුණු වධදීම්වල තුවාල කැළැල්, පිලිස්සුම්, ඇඟිලිවල නියපොතු ගලවා දැමීමෙන් පසු විකෘති ලෙස වැඩෙමින් තිබූ නියපොතු දුටු ඔවුහු දැඩි කම්පනයට පත්වූවෝය.
මටද
අධික ලෙස දහඩිය දමා වෙව්ලා කථාව ගොලු වූ අවස්ථා ඇති විය. එකල මගේ මානසික
තත්ත්වය එබඳු විය. ප්‍රංශයේ දේශපාලන රැකවරණ ලැබීමට සුදුසුම පුද්ගලයෙකු වූ
මට රැකවරණ ලැබුණේ කිසිදු පමාවකින් තොරවය. පසුව ඉතාම ධෛර්‍යයෙන් මානසිකව ගොඩ
නැගුන මම ලේඛකයෙකු ලෙස පුනර්ජීවනය ලැබුවෙමි.
1987
– 89 භීෂණ කාලය සම්බන්ධයෙන් මට ඇති සජීවී අත්දැකීම් එවැනි අත්දැකීම් ලැබූ
කිසිවෙකුට දෙවැනි නොවේ. එම අත්දැකීම් අළලා මවිසින් රචිත එළියකන්ද වධ කඳවුර
නම් වූ කෘතිය රටේ ඉමහත් අන්දෝලනයට ලක් වී මුද්‍රණ කීපයක්ම නිකුත් වී දැන්
එහි ඉංග්‍රීසි පරිවර්තනයද ගොඩගේ ප්‍රකාශයක් ලෙස එළිදැක තිබේ. ප්‍රංශයේ දී
සෝමවංස අමරසිංහ සහෝදරයා හමු වූ පළමු අවස්ථාවේදීම වධ කඳවුරු දෙකකදී පක්‍ෂයේ
සොයුරන් මරා දැමූ හැටිත්, එම වධකයන්ගේ නම් සහ අදාළ විස්තර හෙළිකර උන්ට
නීතියෙන් දඬුවම් ලබා දීමට කටයුතු සලස්වන්නැයි ඉල්ලා සිටියෙමි. ඔහු මගේ
විස්තරට සවන් දුන් උදාසීන විලාසයම මට ගැටලුවක් විය. ඉනික්බිතිව වසර ගණනාවක්
විදේශගතව සිටි අමරසිංහ සහෝදරයා අදාළ ඝාතනයන්ට එරෙහිව කිසිදු ක්‍රියා
මාර්ගයක් නොගත්තේය. එලිගම නිව් රෙස්ට් හවුස් හමුදා කඳවුරේ සහ එළියකන්ද
වධකාගාරයේ සිදු වූ ඝාතන ගැන සියලු තොරතුරු ජ.වි.පෙ මධ්‍ය කමිටුවට දන්වා
හැරිය බව ලන්ඩන් ශාඛාවේ පෝල් පීරිස් සහෝදරයා මට දැන්වීය.
එහෙත් එම ඝාතන ගැන ජ.වි.පෙ මේ දක්වා කිසිදු ක්‍රියාමාර්ගයක් අරගෙන නැත. වර්ෂ 2001
දී මම ලංකාවට ගියෙමි. එහිදී මට අපූරු තොරතුරක් ලැබිණි. එනම් එළියකන්ද වධ
කඳවුරේ සිටි දරුණුම වධකයෙකු වූ “ගම්පහ දයාරත්න” වැලිකඩ රිමාන්ඩ්
බන්ධනාගාරයේ සිටින බවයි. ඒ වනවිට හමුදාවෙන් ඉවත් වී සිටි ඔහු කොළඹ
දිස්ත්‍රික්කයේ විපක්‍ෂයේ මන්ත්‍රීවරයෙකුගේ (එ.ජා.ප) ශරීරාරක්ෂකයෙකු ලෙස
සිට ඇත. ඔහු සිරගත වන්නේ මංකොල්ලයකට සම්බන්ධ වී අත්බෝම්බ 3 ක් සමඟ
අසුවීමෙනි.
එම
මන්ත්‍රී සහ එ.ජා.ප යේ සිටි තවත් මන්ත්‍රී කෙනෙකු දයාරත්න බැලීමට හිරගෙදරට
පවා ගොස් ඇත. (පළමු මන්ත්‍රී තවමත් එ.ජා.ප මන්ත්‍රීකමේ සිටින අතර අනික්
මන්ත්‍රී දැන් වර්තමාන රජයේ කැබිනට් ඇමැතිවරයෙකි.) එවකට තිබුණේ සූරියකන්දේ
මිනී වළවල් හාරා බලයට පත් පොදු ජන එක්සත් පෙරමුණේ රජයකි. මම ගම්පහ දයාරත්න
පිළිබඳව චන්ද්‍රිකා රජයේ ප්‍රබල දේශපාලනඥයෙකුටද, එකල ජ.වි.පෙ ප්‍රධාන පෙළේ
නායකයෙකුටද දැන්විමි. එහෙත් කූඩු වී සිටි වධකයාගෙන් තොරතුරු ලබාගෙන අනෙකුත්
ඝාතන ගැන සාක්‍ෂි සොයා ගැනීමට තිබූ මහඟු අවස්ථාවක් සියල්ලෝ පැහැර හැරියේය.
ඒ වනවිට (වර්ෂ 2000 දී) එළියකන්ද වධ කඳවුර පළමු මුද්‍රණය නිකුත්ව තිබූ අතර, පාචනය වැළදී සිටි තරුණයන් 4 දෙනෙකු සරොම්වල මළපහ කරගත් වරදට, ගම්පහ දයාරත්න ඔවුන් 4 දෙනාම මරා දැමූ හැටි එහි සඳහන් විය. අද විපක්‍ෂයේ හිටියත් මාතලේ සමූහ මිනීවල ගැන එ.ජා.පයට කෑ ගැසිය නොහැකිය.
එහෙත් මේ ඝාතන සිදුවී තිබුණේ ශ්‍රී.ල.නි.ප රජය යටතේ නම් ජ.වි.පෙ ත් පෙරලා
ගෙන උඩ පනිමින් කෑ ගසන්නේ එ.ජා. ය යි. යම් හෙයකින් ශ්‍රී. ල.නි.ප. ය මේ
වනවිට සිටින්නේ විපක්‍ෂයේ නම් ඔවුන්ගේ කෑ ගැහිල්ලේ රඟ බලා ගන්නට ඉඩ තිබුණි.
විපක්ෂයේ සිටින නිසා ජ.වි.පෙ මේ ගැන කෑ ගැසුවත් ඒ ගැන ඇති සදාචාරමය අයිතිය
ඔවුන් විමසිය යුත්තේ තම හෘද සාක්ෂියෙනි. බලාගෙන යනකොට මේ සියල්ලම කන්නට
හිතුන විට කබරගොයා - තලගොයා කර ගන්නා දේශපාලන ව්‍යාපෘතිය. ඇරිස්ටෝටල්
දාර්ශනිකයා මිනිසා දේශපාලන සත්වයෙකැයි කියා තිබෙන්නේ මේ නිසා විය යුතුය.
එහෙත් දේශපාලන ව්‍යාපෘති ඒ, ඒ, අයට අදාළව කෙටි කාලීනය. නමුත් ඝාතනයට ලක් වූ
අයගේ පවුල්වලට දැනෙන වේදනාව, පාඩුව සදාකාලිකය. සැබෑ දුකේ හිමිකරුවන් ඔවුන්
පමණි.
No comments:
Post a Comment