Wednesday, April 10, 2013

අවලංගු කළ චක්‍රලේඛයක් අධ්‍යාපන ලේකම් නමින් යවලා:


GOTABAYA-JAYARATNEගුරු ආයතන කටයුතු අවුල් කිරීමේ සැලසුමක කොටසක් ලෙස අධ්‍යාපන අමාත්‍යංශයෙන් අවලංගු කරන ලද
චක්‍රලේඛයක් සහ උපෙදෙස් ලිපියක් කිසියම් පිරිසක් විසින්  පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවලට සහ කලාප අධ්‍යාපන කාර්යාලයන්ට යවා ඇතැයි වාර්තා වේ. කෙසේ වෙතත් අධ්‍යාපන ලේකම් ඝෝඨාභය ජයරත්න මහතා අදාළ ආයතන වලට ලිඛිතව
දන්වා ඇත්තේ එම ලේඛන තමන් විසින් නොයැවූ බව සහ
අමාත්‍යංශයෙන් නිකුත් නොකළ ඒවා ලෙස සලකා කටයුතු කරන ලෙසය. නිකුත් කිරීම අත්හිටවූ   2010 වසරේ  2010/38 අංකයෙන් ගුරු ආයතන පිළිබඳ සකස් කළ චක්‍රලේඛයක් සහ අංක 2005/4 චක්‍රලේඛයේ පොදු උපදෙස් සංග්‍රහය 2 නමින් උපදෙස් ලිපියක් මෙලෙස පාළාත් සහ කලාප කාර්යාලවට යවා ඇත.එලෙස එවා ඇති 2010/38 යන්න අවලංගු කළ චක්‍රලේඛයක් ලෙසත්, 2005/4 චක්‍රලේඛයේ පොදු උපදෙස් 2 යන්න අධ්‍යාප අමාත්‍යංශයෙන් නිකුත් නොකළ ලිපියක් ලෙසත් සලකා කටයුතු කරන්නැයි අධ්‍යාපන ලේකම්වරයා ඉල්ලා ඇත.මේ අතර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඝෝඨාභය ජයරත්න මහතා පැවසුවේ ඒ ගැන සෙවීමට විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

No comments: