අධ්‍යාපනයේ අවුල් නිරවුල් කිරීමට වැඩ වර්ජන තේරුමක් නැතිබව තේරුම් ගත්තේ ගිය වසරේදී බව පවසන විශ්ව
විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල්
රංජිත් දේවසිරි මහතා ආණ්ඩුවෙන් ඉල්ලීම් කිරීමට හෝ වැඩවර්ජන වැනි වෘත්තිය
අරගල මගින් ආණ්ඩුවට බලපෑම් කිරීමට අදහස් නොකරන බව අවධාරණය කරයි.
මේ යටතේ මහජනතාව දැනුවත් කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන බව ද ඔහු පවසයි . මේ අතර අධ්‍යාපන ක්ෂේත්රයේ අවුල් නිරවුල් කිරීම සඳහා ධවල පත්‍රිකාවක් සකස් කිරීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තිය සමිති සම්මේලනය සුදානම් වෙයි.
කෙසේ වෙතත් අධ්‍යාපනයට ජාතික ආදායමෙන් 6%ක් වෙන් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කොටගෙන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පසුගිය වසරේ මාස 03ක් පමණ වැඩවර්ජනයක නිරත වු අතර එම වැඩවර්ජනය අවසන් කෙරුණේ මුල් ඉල්ලීම් බොහෝමයක් ඉටු නොවූ තත්ත්වයක් තුලය.

No comments:
Post a Comment