Thursday, April 4, 2013

මගීන් 41 ගේ දිවි උදුරාගත් රියදුරුට කොන්දොස්තරට දඬුවම් දීම 05 වැනිදා


bus-acciයාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී පුද්ගලික බස් රියක් දුම්රියේ ගැටීමෙන් මගීන් 41 දෙනෙකුගේ දිවි තොර වීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ තීන්දුව 05 වැනි සිකුරාදා කුරුණෑගල මහාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මෙම බිහිසුණු අනතුර සම්බන්ධයෙන් එම බස් රිය ධාවන කර වූ රියදුරාට සහ කොන්දොස්තරවරයාට එරෙහිව චෝදනා 152ක් ගොනු කරමින් නීතිපතිවරයා විසින් නඩුව ගොනු කර තිබේ.

යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය වසා තිබියදී ඒ අතරින් බස් රිය ධාවනය කරවීම නිසා මගීන් 41 දෙනෙක් මියගිය අතර 35 දෙනෙක් බරපතල තුවාල ලැබූහ. මෙම ඛේදවාචකය සිදු වූයේ 2005 වසරේ අප්‍රේල් 25 වැනිදාය. පෞද්ගලික බස් රථය පදවා ඇත්තේ අබ්දුල් වාහිඩ් හප්රූල් නැමැත්තෙකි. මෙම නඩුව එකදිගට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා හමුවේ විභාග කිරීමෙන් පසු තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අප්‍රේල් 05 වැනිදාට නියම කෙරිණ.
නගරාන්තර සීග්‍රගාමි දුම්රිය යාංගල්මෝදර දුම්රිය හරස් මග පසු කිරීමට පැමිණෙද්දි දුම්රිය ගේට්ටුව වසා තිබී ඇත. එම අවස්ථාවේ දී බසයේ කොන්දොස්තරවරයා බසයෙන් බැස දුම්රිය හරස් මාර්ගයට ගොස් රේල් පාර දෙස විපරම් කොට බස් රථය ඉදිරියට පදවන ලෙසට රියදුරාට අතින් සංඥා කර තිබේ.එම සංඥාවට අනුව රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවද්දී අසල සිටි පුද්ගලයෙක් “කෝච්චිය එනවා..දාන්න එපා..” යැයි කෑ ගසා ඇති නමුත් පුද්ගලික බස් රියේ රියදුරා බස් රථය ඉදිරියට ධාවනය කරවා තිබේ. එම අවස්ථාවේ දුම්රියේ බස් රථය ‍ගැටුණ බව සාක්කිවලින් අනාවරණය විය.

No comments: