Friday, April 5, 2013

ගෙදර තිබූ මිනිය උදේ බලනකොට අතුරුදන්


Meni-pettiya 









පුතකුගේ නිවසේ තබා තිබුණු මවකගේ දේහය බෑණකු විසින් සොරාගෙන ගොස් තම නිවසේ තබා ගැනීමේ පුවතක් නොච්චියාගම රළපනාව ජනපදය ප්‍රදේශයෙන් වාර්තාවේ. පසුගිය හතරවෙනි දින අළුයම 4.30 ට පමණ මෙය සිදුව ඇත. 
ආර්.වී. ඩිංගිරි නැමැති 87 හැවිරිදි මෙම සිව්දරු මව බොහෝ කළක සිට තම දියණියගේ නිවසේ පදිංචිකාරියකි. ඇයගේ දියණිය වි‍දේශ ගතව සිටියද ඇය දියණියගේ දරුවන්ද සමඟ එම නිවසේ ජීවත්විය. පසුගිය දිනක ඇය දැඩි ලෙස රෝගාතුර වී ඇත. බෑනාද නිවසේ නොමැති අවස්ථාවක මෙම නිවසට පැමිණි පුතකු විසින් නුදුරින් පිහිටි තම නිවස වෙත මෙම මව කැඳවාගෙන ගොස් ඇත. 
පසුගිය තුන්වෙනි දින ඇය එම නිවසේ දී මියගොස් ඇත. මල් ශාලාවට රැගෙන ගොස් දේහය සකසා නැවත ගෙන ඒමට යාමේදී පුතාත් බෑනාත් තම තමාගේ නිවෙස් වලට දේය රැගන යා යුතුයැයි ප්‍රකාශ කළ නිසා අර්බුදයක් හට ගෙන ඇත. අනතුරුව ග්‍රාම‍නිලධාරි මහතා මැදිහත් වී ගැටළුව නිරාකරණය කරන ලදී. ප්‍රථමයෙන් දේහය පුතාගේ නිවසේ තබා ආදාහනය කිරීමට නියමිත වූ පස්වෙනිදා දින උදෑසන 7.00 ට බෑනාගේ නිවෙසට දේහය ලබා දී එහිදී අවසන් කටයුතු කිරීමට තීරණය විය. 
ඒ අනුව දේහය පුතාගේ නිවසට රැගෙන යන ලදී. නමුත් තහඩු, වියන් , කොඩි ආදියෙන් සරසන ලද්දේ බෑනාගේ නිවසය. හතරවන දින අළුයම 5.00 ට පමණ 119 දුරකථන අංකයට ලද තොරතුරක් මත නොච්චියාගම පොලිසියට තොරතුරු ලැබී ඇත්තේ නිවසේ තිබූ මවගේ දේහය අතුරුදහන් වී ඇති බවටය. නොච්චියාගම පොලිසිය පැමිණ සොයා බැලීමේදී තහවුරුවී ඇත්තේ අළුයම 4.30 ට පමණ බෑණා සමඟ පැමිණි දෙදෙනෙකු දේහය රැගෙන ගොස් ඇති බවය. 
නිවසේ සිටි සියළු දෙනා එම අවස්ථාවේ නිදාගෙන සිට ඇත. නොච්චියාගම පොලිසිය මැදිහත්ව සිද්ධිය සමථයකට පත් කර ඇත. දේහය බෑණාගේ නිවසේ තබා අවසන් කටයුතු කිරීමට සියළුම දෙනා එකග වී ඇත.

No comments: